Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කවීන්ගෙන් තර්ස්ටන් පිලට එරෙහිව තවත් ශතකයක්

කවීන්ගෙන් තර්ස්ටන් පිලට එරෙහිව තවත් ශතකයක්

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර පැවැති තරගයේ පළමු දිනය වන ඊයේ (26) දිනය නිමා වන විට ඞී. එස්. සේනානායක විදුහල ලබාගත් ලකුණු 270 ට පිළිතුරු වශයෙන් තර්ස්ටන් විදුහල කිසිවෙකු නොදැවී ලකුණු 56 ක් ලබාසිටියේය.

හතරේ පහර 9 ක් සමගින් පන්දු 168 කදී ලකුණු 100 ක් රැස්කිරීමට ඞී. එස්. සේනානායක විදුහලේ කවින් බණ්ඩාර සමත්විය. මෙය ඔහු මෙම තරගවාරයේදී ලබාගත් සිව්වැනි ශතකයයි.

තරගය ඊයේ සහ අද (26-27) කොළඹ විජේරාම මාවතේදී පැවැත්වේ.

ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම ඕවර 75 කදී සියලූ දෙනාම දැවී 270
(කවින් බණ්ඩාර 100, උවින් බණ්ඩාර 53, අකීල් ඉන්හාම් 30, උදේෂ් සේනානායක නොදැවී 21, අචින්ත කල්පන 58/3, තිමිර ජයසිංහ 31/2, මින්හාජ් ජලීල් 35/2)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම ඕවර 18 කදී කිසිවෙකු නොදැවී 52
(මින්හාජ් ජලීල් නොදැවී 26, සජිත් ගුණතිලක නොදැවී 26)

036


අදහස් (0)

කවීන්ගෙන් තර්ස්ටන් පිලට එරෙහිව තවත් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.