අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ජනාධිපති විදුහල සහ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල අතර කෝට්ටේ සී.එම්.එස්. ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ජයවර්ධනපුර මහ විදුහල සමත් විය.
එහිදී කවිෂ්ක බොතේජු (75) අර්ධ ශතක ලබාගනිමින්ද, චමෝද් සුපුන් නොදැවී ලකුණු 61 ක් රැස්කරමින් සහ ලකුණු 57 කට කඩුලු 5 ක් දවාගනිමින්ද ජයවර්ධනපුර මහ විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියහ.
ජනාධිපති විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 247
(ඉඳුවර පෙරේරා 60, යුනිත් සෙනෙවිරත්න 46, තනූජ රාජපක්ෂ 33, දමෝද්‍ය අෂාන් 32, පවන් රාජපක්ෂ නොදැවී 30, චමෝද් සුපුන් 57/5, දෙනුවන් ජයවර්ධන 35/2)
ජයවර්ධනපුර මහ විදුහල - ඕවර 31.1 කදී කඩුලු 6 ක් දැවී 248
(කවිෂ්ක බොතේජු 75, චමෝද් සුපුන් නොදැවී 61, මලිඳු රත්නායක 26/2, නිෂාන් නිර්මාල් 62/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.