Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ .ප්‍රිමා. කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ බස්නාහිර පළාත දකුණ (පිටත) සහ බස්නාහිර පළාත (මධ්‍යම) අතර අවසන් මහා තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) ආරම්භවූ අතර දිනය නිමාවනවිට බස්නාහිර පළාත දකුණ (පිටත) කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුලු 8 ක් දැවී ලකුණු 299 රැස්කිරීමට සමත්විය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ කවිඳු උමයංග පන්දු 153 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 122 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දක්වමින් බස්නාහිර පළාත දකුණ (පිටත) කණ්ඩායම ප්‍රබල තත්වයකට ගෙන ඒමට සමත්වූයේය.
බස්නාහිර පළාත දකුණ (පිටත) කණ්ඩායම ලකුණු 179 කට කඩුලු හයක් බිඳවැටී අසීරූ තත්වයකට පත්ව සිටි අවස්ථාවක හත්වැනි කඩුල්ල සදහා ලකුණු 105 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට කවිඳු උමයංග සහ අෂාන් දිල්හාර (29) සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ කමිල් මිෂාර සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පන්දු 104 කදී හතරේ පහර නවයක් සමගින් ලකුණු 72 ක් රැස්කිරීමට සමත්වූයේය.
යසිරු කස්තුරිආරච්චි ලකුණු 77 කට කඩුලු 4 ක් දවා ගනිමින් පළමු දිනයේ පන්දුවෙන් දස්කම් දැක්වීය.
හෙට (30) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
බස්නාහිර පළාත දකුණ (පිටත) - පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී ලකුණු 299
(කමිල් මිෂාර 72, ෂෙරෝන් ලක්‍ෂිත 28, කවිඳු උමයංග 122, විහඟ ගුණරත්න 20, අෂාන් දිල්හාර 29, යසිරු කස්තුරිආරච්චි 77/4, මනීෂ රූපසිංහ 63/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.