Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කල්මුණේ සහිරා අවසන් තරගයට

කල්මුණේ සහිරා අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ සිංගර් කුසලාන තරගාවලියේ III වැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කල්මුණේ සහිරා විදුහල සමත්විය.
පැලවත්තේදී පැවැති අවසන් පූර්ව වටයේ තරගයකින් බලංගොඩ ආනන්ද මෛතී‍්‍රය විදුහල හමුවේ කඩුලූ 3 ක ජයක් වාර්තා කරමින් ඔවුහු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය සහිරා විදුහල  ඕවර 39.2 කදී කඩුලූ 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

කාසියේ වාසිය දිනූ සහිරා විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ආනන්ද මෛතී‍්‍රය විදුහල ඕවර 44 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 144 ක් ලබාගත්තේය.

ආනන්ද මෛතී‍්‍රය විදුහලේ ඉවංක ගමගේ ලකුණු 50 ක් රැුස්කරමින් සහ ලකුණු 28 කට කඩුලූ 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීමට සමත්විය.


ආනන්ද මෛතී‍්‍රය විදුහල -  ඕවර 44 කදී සියලූ දෙනා දැවී 144
(ඉවංක ගමගේ 50, මොහොමඞ් රස්සාස් 41/3, මොහොමඞ් අෆ්රි 36/2, මොහොමඞ් රිලාහ් 18/2)

සහිරා විදුහල -  ඕවර 39.2 කදී කඩුලූ 7 ක් දැවී 147
(නජාඞ් මවුලානා 29, මොහොමඞ් අසාක් 27, මොහොමඞ් රිලාහ් 25, සංජය ආරියදාස 27/2, ඉවංක ගමගේ 28/2)


- 036


අදහස් (0)

කල්මුණේ සහිරා අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.