Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කරාටේ අතුරු කමිටුවට පුළුල් බලතල

කරාටේ අතුරු කමිටුවට පුළුල් බලතල

editorial - 2023 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නිලවරණයක් යළි කැඳවන තුරු ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය ලෙස පෙනී සිටින්නේ සිය කමිටුව බවත් ඒ සඳහා පසුගිය ජූලි 28 වැනිදා නිකුත් කර තිබෙන අති විශේෂ ගැටස් නිවේදනයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා කමිටුවට පුළුල් බලතල ලබා දී තිබෙන බවත් කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී කරාටේ අතුරු කමිටුවේ සභාපති ක්ලෙමන්ට් ද සොයිසා මහතා පැවසීය.

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා ඇමතිවරයා තාවකාලික අතුරු කමිටුවක් පත් කිරීමට ගත් තීරණය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. ඊට කරාටේ අතුරු කමිටුවේ ලේකම් ආචාර්ය ජයලත් ඉලංගකෝන්, කමිටු සාමාජිකයන් වන වෛද්‍ය ජයන්ති ඒ නානායක්කාර, මහිලිනී මයුරන්, එස්.සී. මැදවත්ත, කේ.එම්.සී. කුමාර, ආර්. දේවකුමාර, ෂිරෝමි ෆොන්සේකා, ඒ.ආර්.එම්. ඉක්බාල් යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

වසර 2015 සිට 2023 දක්වා කරාටේ දෝ සම්මේලනයේ නිලධාරීන්ට එරෙහිව ලැබුණු පැමිණිලි 54 කින් පසුව වත්මන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම ආරම්භ කර ඇති බවත් හිටපු නිලධාරීන් සමග ගැටුමකට යාමට අතුරු කමිටුවට කිසිදු අවශ්‍යාතවක් නැතැයි ද මාධ්‍ය හමුවේ දී ක්ලෙමන්ට් ද සොයිසා මහතා පැවසීය.

කරාටේ දෝ සම්මේලනයේ හිටපු සභාපතිවරයකු ද වන සොයිසා මහතා එහි දී මෙසේ ද පැවසීය. ‘‘අපිට කරාටේ දෝ සම්මේලනයේ හිටපු නිලධාරීන් සමග ගැටෙන්න කිසිම අවශ්‍යතාවක් නෑ. නමුත් ඔවුන් පසුගිය දිනවල මාධ්‍ය හමු කීපයක්ම පවත්වමින් අතුරු කමිටුව හා ක්‍රීඩා ඇමැතිවරයා විවේචනය කළා. එහි දී ජනතාව නොමග යවා ප්‍රකාශ ගණනාවක්ම ඔවුන් කර තිබෙනවා. ඒවාට පිළිතුරු දෙන්නයි මේ මාධ්‍ය හමුව කැඳ වූයේ.

නමුත් අප ඒ අය එක්ක එකතුවෙලා හරි රටේ කඩා වැටිලා තිබෙන කරාටේ ක්‍රීඩාව ගොඩගන්න කමිටුව සූදානම්. මේ වගේ ගොතන බොරු චෝදනා කර කර ඉන්නේ නැතිව අපත් සමග එකතුවෙලා වැඩ කරන්න කරාටේ දෝ සම්මේලනයේ හිටපු නිලධාරීන්ට අපි ආරාධනා කරනවා.

පසුගිය විගණන වාර්තාවත් හිටපු නිලධාරීන්ට බරපතළ චෝදනා එල්ල වෙලා තිබෙනවා. ඒක ඒ අය දැක්කෙ නෑ කියා කියන එක නිදහසට කාරණාවක් නෙමෙයි. සම්මේලනය අපි බාර ගත්තේ ජුලි 28 වැනිදා ඉඳලා. නමුත් අද වෙනතුරු එහි ලිපිගොනු, බඩු භාණ්ඩ අපට බාරදීලා නෑ. සම්මේලනයේ තොරතුරු අඩංගු පරිගණක, බැංකු ගිණුම්වල මුරපද ලබා නොදීමෙන් කමිටුව දැඩි අසීරුතාවට පත්වෙලා තිබෙනවා. ක්‍රීඩා ඇමතිවරයා සම්මේලනයේ සිදුවන දූෂණවලට එරෙහි වුණාම මේ අය ඇමතිවරයාට දේශපාලන බලපෑම් කළා කියලා චෝදනා එල්ල කරනවා.

ජාතික ක්‍රීඩා සංගම්වල මැදිහත්වීමට ඇමැතිවරයාට ක්‍රීඩා පනතෙන් ප්‍රබල බලතල පැවරී තිබෙනවා. ඔය කියන චෝදනාව සත්‍ය නම් පිටරට තරග සංචාරවලට යන්න ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ගුවන් ප්‍රවේශ පත්‍ර වියදම් ඉල්ලීමත් දේශපාලන බලපෑමක් වෙනවා.

කරාටේ සම්මේලනයට අද වෙනතුරු හරි ව්‍යවස්ථාවක් නෑ. ඒ වුණාට කරාටේ සම්මේලනය කියන්නේ 1975 දී ආරම්භ කරපු මේ රටේ පැරණිම ජාතික ක්‍රීඩා සංගමයක්. දැන් නිලවරණයට ක්‍රීඩා සමාජ 380 ක් විතර ගෙන්න ගන්නවා.
නමුත් කරාටේ සම්මේලනයට අලුතෙන් යෝජනාවෙලා පළාත් ඡන්ද ඒකක ක්‍රමය. එහි දී පළාතටම එක් ඡන්දයක් පමණක් ලෙස පලදායී නිලවරණය කැඳවන්නේ. මේ කටයුතු ඉදිරියට ගෙන යන්න කරාටේ දෝ සම්මේලනයේ නිලධාරීන් එදා ඉඳලා උනන්දු වුණේ නැත්තේ ඔවුන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගන්නයි.

කරාටේ අතුරු කමිටුවේ ලේකම් ආචාර්ය ඉලංගකෝන් මහතා මාධ්‍ය හමුවේ දී මෙසේ පැවසීය. ‘‘මෙම ප්‍රශ්නයේ දී ක්‍රීඩා ඇමතිවරයා මැදිහත්වීම් කරලා තිබෙන්නේ ක්‍රීඩා පනතට අනුවයි. එය දේශපාලන අතපෙවීමක් කියලා ඉදිරිපත් කරන අදහස වැරදියි.

කරාටේ අතුරු කමිටුව ඇමතිවරයා නිර්දේශ කළ සියලු දෙනාම කරාටේ ක්‍රීඩාවේ නිපුන අයයි. කෙනෙකුට චෝදනා හදන එක හරිම පහසුයි. හැබැයි ඔප්පු කරන එක තමයි අමාරුම වැඩේ. ඒ නිසා වාදභේද නැතිව රටේ කරාටේ ක්‍රීඩාව ගොඩගන්න එක්වෙමු.

මාධ්‍ය හමුවේ දී අදහස් දක්වන කරාටේ අතුරු කමිටුවේ සභාපති ක්ලෙමන්ට් ද සොයිසා මහතා, ලේකම් ආචාර්ය ජයලත් ඉලංගකෝන් මහතා ද මෙහි වෙති.


අදහස් (0)

කරාටේ අතුරු කමිටුවට පුළුල් බලතල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.