Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල සමත් විය.
ගාල්ල මහින්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ මහානාම විදුහලට එරෙහිව කඩුලු 9 ක ජයක් අත්කර ගනිමින් රිච්මන්ඞ් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 102 ක ඉලක්කයක් හඹා ගිය රිච්මන්ඞ් විදුහල ඕවර 14 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී නොදැවී ලකුණු 46 ක් ලබාගත් කමිඳු මෙන්ඩිස් රිච්මන්ඞ් විදුහලේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් මහානාම විදුහල ලකුණු 101 කට සීමා කිරීම සඳහා පුරෝගාමී වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 33 කට කඩුලු 3 ක්ද දවාගත්තේය.
මහානාම විදුහල - ඕවර 44.1 කදී සියලු දෙනා දැවී 101
(කමිඳු මෙන්ඩිස් 33/3, දිලුම් සුදීර 10/2)
රිච්මන්ඞ් විදුහල - ඕවර 14 කදී කඩුල්ලක් දැවී 102
(කමිඳු මෙන්ඩිස් නොදැවී 46, ධනංජය ලක්ෂාන් 36)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.