Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කමිඳු - ධනංජය ශතක ලබා රිච්මන්ඩ් දිනවති

කමිඳු - ධනංජය ශතක ලබා රිච්මන්ඩ් දිනවති

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ කමිඳු මෙන්ඩිස් (124) සහ ධනංජය ලක්ෂාන් (154) ලබාගත් ශතක නිසා කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව කුරුණෑගලදී අද (19 වැනිදා) නිමාවූ වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගයකදී ලකුණු 500 සීමාව පසුකර යාමට ගාල්ල රිච්මන්ඞ් විදුහල සමත් විය.

I කොටසේ තරගයක් වූ මෙම තරගයේදී ලකුණු 77 කට කඩුලු 10 ක් දවාගත් අවිඳු තීක්ෂණ පන්දුවෙන් දැක්වූ දස්කම් හේතුවෙන්  ඉනිමක සහ ලකුණු 235 ක ජයක් අත්කර ගැනීමට රිච්මන්ඞ් විදුහල සමත් විය.

රිච්මන්ඩි විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 510 ක් රැස්කිරීමට සමත් වූ අතර එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 216 කදී ලකුණු 241 ක සම්බන්ධතාවක් පැවැත්වීමට කමිඳු මෙන්ඩිස් (124) සහ ධනංජය ලක්ෂාන් (154) සමත් වූහ. පන්දු 142 කදී වාර්තා වූ මෙන්ඩිස්ගේ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් වූ අතර පන්දු 125 කදී වාර්තා වූ ලක්ෂාන්ගේ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 24 කින් සමන්විත විය.

මලියදේව දෙවැනි ඉනිමේදී ලකුණු 66 කට කඩුලු 5 ක් දවාගනිමින් දිලුම් සුධීරද පන්දුවෙන් දස්කම් දැක්වීය.

 


මලියදේව විදුහල පළමු ඉනිම - ඕවර 35.5 කදී සියලු දෙනා දැවී 110
(මුදිත ප්‍රේමදාස 55, සුපුන් නිස්සංක 14, අවිඳු තීක්ෂණ 42/7, සඳුන් මෙන්ඩිස් 39/2)

රිච්මන්ඩි විදුහල පළමු ඉනිම - ඕවර 84.4 කදී කඩුලු 8 ක් දැවී 510
(කමිඳු මෙන්ඩිස් 124, ධනංජය ලක්ෂාන් 154, ආදිත්‍ය සිරිවර්ධන 51, සඳුන් මෙන්ඩිස් නොදැවී 52, දුලාජ් රණතුංග 88/3, කවීන් බණ්ඩාර 84/3, සංජීවන් ප්‍රියදර්ශන 129/2)

මලියදේව විදුහල දෙවැනි ඉනිම - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 165  
(දුලාජ් රණතුංග 59, සුපුන් සුමනරත්න 21, සංජීවන් ප්‍රියදර්ශන 19, දිලුම් සුධීර 66/5, අවිඳු තීක්ෂණ 35/3)

 


අදහස් (0)

කමිඳු - ධනංජය ශතක ලබා රිච්මන්ඩ් දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.