Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කබඩි සංගම් ක්‍රීඩා අමාත්‍යාංශය වටලති

කබඩි සංගම් ක්‍රීඩා අමාත්‍යාංශය වටලති

editorial - 2023 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ඊයේ (12) පැවැත්වීමට සූදානම් කර තිබූ නිලවරණය (2023-25) ඉදිරිපත් වූ විරෝධතාවක් හේතුවෙන් හදිසියේ අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් තීරණයත් සමග ඊට සහභාගි වීමට පැමිණි දිස්ත්‍රික් කබඩි සංගම් නියෝජිතයන් පිරිසක් රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශය වැටලීමට කටයුතු කළ බව වාර්තා වේ.

මෙම පිරිස ඊයේ පස්වරු 6 වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරය හා  අවට රැඳෙමින් ප්‍රකාශ කළේ නිලවරණය පවත්වන බවට ක්‍රීඩා අමාත්‍යාංශය සහතික කරන තුරු තමන් මෙම ස්ථානයෙන් පිටට නොයන බවයි.

ඒ අතර නිලවරණයට සහභාගි වීම සඳහා පැමිණි සිටි එම දිස්ත්‍රික් කබඩි සංගම් නියෝජිතවරුන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතා ඇතුළු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග බහින්බස් වෙමින් හැසිරීම නිසා එම ස්ථානය ගාලගෝට්ටි ස්වරූපයක් ගත් බව ද වාර්තා වේ.

ඊයේ  පැවැත්වීමට සූදානම් කර තිබියදී අත්හිටවූ කබඩි සම්මේලනයේ නිලවරණයේදී ප්‍රධාන තනතුරු සඳහා දෙපාර්ශ්වයක් නාමයෝජනා බාර දී තිබේ. කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශ අභියාචනා කමිටුවට නාමයෝජනා කීපයක් සම්බන්ධයෙන් කොළඹ සංගමය ගොනු කළ අභියාචනයක් සැලකිල්ලට ගනිමින් පෙරේදා (11) නිලවරණය අත්හිටුවීමේ නිවේදනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශයට පත්කර තිබේ.

කෙසේ වුවත් නිලවරණයට සහභාගි වීම සඳහා පෙරේදා රාත්‍රියේ සිට පැමිණි දුර බැහැර පළාත්හි කබඩි සංගම් නියෝජිතයෝ ක්‍රීඩා අමාත්‍යාංශය වටකළහ.

මේ අතර ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිලවරණය සම්බන්ධයෙන් පෙරේදා (11) ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතාට ලිපියක් යොමු කරන ආසියානු කබඩි සම්මේලනයේ ලේකම් මොහොමඩ් සර්ඩාර් රනා මහතා, ශ්‍රී ලංකාවේ කබඩි නිලවරණය තෙවැනි පාර්ශ්වයක  මැදිහත්වීමෙන් අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය දැඩිව හෙළා දකින බවත් ඇති වී තිබෙන තත්ත්වය නිවැරදි කිරීමට වහාම වගබලා ගත යුතු බවත් එහි පිටපතක් ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කරමින් අවධාරණය කර තිබේ. රනා මහතාගේ නිවේදනය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කබඩි තහනමක් පැනවීමේ පූර්ව අනතුරු ඇඟවීමක් වන බව ද ක්‍ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


අදහස් (0)

කබඩි සංගම් ක්‍රීඩා අමාත්‍යාංශය වටලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.