Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කබඩි මුල් පුටුව ඉන්ද්‍රතිස්සට

කබඩි මුල් පුටුව ඉන්ද්‍රතිස්සට

editorial - 2024 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසරකට ආසන්න කාලයක් පුරා  අඩපණව පැවති ශ්‍රී ලංකා කබඩි සම්මේලනය යළි ක්‍රියාකාරවෙමින් ඊයේ  (19) පැවති එහි නිලවරණයේ දී නව විධායක සභාවක් ඉදිරි සිව්වසරක්  (2024-28) සඳහා  වැඩි ඡන්දයෙන් තේරී පත්විය. එහිදී සභාපති ධුරයට ඉන්ද්‍රතිස්ස දේදුණුපිටිය මහතා වැඩි ඡන්ද අටකින් ඊට තේරී පත්වූයේ සභාපති අපේක්ෂක ඩී .ජී. සමන්ත මහතා පරාජයට (ඡන්ද 28-20) පත් කරමිනි.

 නව සභාපතිවරයා කෑගල්ල දිස්ත්‍රික් කබඩි සංගමයේ වත්මන් සභාපතිවරයා ද වන අතර මීට පෙර කබඩි සම්මේලනයේ උපසභාපතිවරයකු ලෙස කටයුතු කර තිබේ. මෙහිදී විශේෂත්වය වූයේ කබඩි සම්මේලනයේ අලුතින් ඇති කළ ධුර දෙකක් වන ප්‍රධාන විධායක නිලධාරි තනතුර  සඳහා හිටපු සභාපති අනුර පතිරණ මහතාත් ජාත්‍යන්තර සබඳතා නිලධාරි ධුරය සඳහා හිටපු  ලේකම් ආර්. සහීවන් යන මහත්වරුන් පත්ව සිටීමයි.

කබඩි සම්මේලනයේ අවසන් වරට සභාපති හා ලේකම් යන ප්‍රධාන ධුර දෙක දැරූ මොවුන් එම ධුරවලින් ඉල්ලා අස්වීමෙන් පසුව මේ වනවිට කල්  ගෙවන්නේ ස්විට්සර්ලන්තයේය. ඔවුන් පවසන්නේ ඉතා ඉක්මනින්ම කබඩි සම්මේලනයේ සේවය සඳහා  නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

කබඩි සම්මේලනයේ පසුගිය  වසරකට ආසන්න කාලයක් පුරා ක්‍රියාකාරිත්වය අඩපණවීමට ආසන්නම  හේතු වූයේ එතෙක් සභාපති හා ලේකම් යන ධුර දැරූ ඉහත නිලධාරීන් දෙදෙනා ඉල්ලා අස්වී විදේශගතවීමය.

එහෙත් ඔවුන් ඉල්ලා අස්වීමට පෙර වැඩ බැලීම සඳහා ආදේශ නිලධාරීන් දෙදෙනකු පත්කර තිබුණි. එයින් පසුව කබඩි සම්මේලනයේ කටයුතු පාර්ශ්ව කීපයක ගැටුම්කාරි තත්වයන්ද හේතුවෙන් පැනනැගුණු අර්බුදකාරී තත්වයන් හමුවේ එහි කටයුතු ඉදිරි නිලවරණය පැවැත්වෙන තෙක්  අත්හිටුවීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළේය.

 

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නව විධායක සභාව (2024-28)

• සභාපති:- ඉන්ද්‍රතිස්ස දේදුණුපිටිය මහතා (කෑගල්ල- ඡන්ද 28) 

• ප්‍රධාන ලේකම් :- වී.එස්.එස්. යෝගරත්නම් මහතා (ත්‍රිකුණාමලය -28)

• භාණ්ඩාගාරික:- සම්පත් දිසානායක මහතා (ගම්පහ  30)

• උප සභාපතිවරුන්:- (5):- ජී, සුසන්ත (නාවික හමුදාව ඡන්ද 42), ඩී.ඒ.එම්. කීර්තිරත්න (යුද හමුදාව- 41), ඉඳුනිල් ජයසේකර (ගාල්ල-38), ජයවීර ජයසුන්දර (බදුල්ල-31), කිෂ්ට්‍රි සෙලර්  (මඩකලපුව-29) යන මහත්වරුන්.

• උපලේකම්:- බී.ඩී,කේ. චන්ද්‍රසේකර මහතා (පොළොන්නරුව - 26)

• උපභාණ්ඩාගාරික:- කේ.එස්.ද සිල්වා මහතා (කොළඹ) නිතරගයෙනි.

• ප්‍රධාන විධායක නිලධාරි:- අනුර පතිරණ මහතා (කුරුණෑගල)

• දේශීය හා විදේශිය සබඳතා සම්බන්ධිකරණ නිලධාරි:- ආර්. සහිවන් මහතා  (මඩකලපුව)

• තාක්ෂණික අධ්‍යක්ෂ:- කිත්සිරි රුවන් බණ්ඩාර මහතා (බදුල්ල)


අදහස් (0)

කබඩි මුල් පුටුව ඉන්ද්‍රතිස්සට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.