Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කඳුරට ක‍්‍රීඩිකාවෝ පළාත් ක‍්‍රිකට් ශූරතාව දිනති

කඳුරට ක‍්‍රීඩිකාවෝ පළාත් ක‍්‍රිකට් ශූරතාව දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් පළාත් කාන්තා එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චමරි අතපත්තු මෙහෙයවූ වයඹ පිල සමත් විය. ශ්‍රීපාලි වීරක්කොඩි මෙහෙයවූ කඳුරට පිලට අනු ශූරතාව හිමිවිය.

කොළඹ එන්.සී.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී වයඹ පිල විසින් ලකුණු 8 කින් කඳුරට පිල පරාජය කරන ලදී.

ඒෂානි ලොකුසූරිය පන්දු 45 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් දක්‍ෂතම පිතිකාරිය සහ තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව සම්මාන හිමිකර ගත්තාය.

ශ්‍රීපාලි වීරක්කොඩි දක්‍ෂතම පන්දු යවන්නිය ලෙස ද, ලසන්ති මධුෂානි අවසන් මහ තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස ද, සම්මාන ලැබූහ.  

වයඹ පිල  ඕවර 46.1 කදී සියලූ දෙනා දැවී 157
(චමරි අතපත්තු 28, ඩිලානි මනෝදර 11, ඒෂානි ලොකුසූරිය 52, ඞී. දාරා 25, ඞී. ජයසිංහ 22, ශ්‍රීපාලි වීරක්කොඩි 23/2, අයි. ශාමලි 26/2, ෂෙරීනා රවිකුමාර් 38/3)

කඳුරට පිල  ඕවර 48.2 කදී සියලූ දෙනා දැවී 149
(එච්. පෙරේරා 14, ලසන්ති මධුෂානි 59, මධුරි සමුදිකා 20, ආර්. ප‍්‍රනාන්දු 25/3)


අදහස් (3)

කඳුරට ක‍්‍රීඩිකාවෝ පළාත් ක‍්‍රිකට් ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.