Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 139-0 කින් පානදුර රාජකීය විදුහල් කණ්ඩායම පරාජය කිරීමට සමත් වූහ. ‘බී’ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
මෙහිදී කන්නන්ගර විදුහල රැස්කළ ලකුණු 139 මෙවර තරගාවලියේදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.
කන්නන්ගර විදුහල ගෝල 12 කින් සහ උත්සාහක දිනුම් 11 කින් ලකුණු ලැබීය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු පුවරුව 72-0 ක් ලෙස පැවතුණි.
ගිහාන් මධුසංඛ උත්සාහක දිනුම් 4 ක්, නායක ළහිරු ලක්‍ෂාන් හේරත්, සුනිමල් සුදර්ශන සහ හිමන්ත හිරුෂාන් උත්සාහක දිනුම් 3 බැගින් ද, එච්. චතුරංග, ජයල් වෙස් සහ යොහාන් සමරනායක උත්සාහක දිනුම් 2 බැගින් ද, ඒ කුමාර සහ එන්. කාවින්ද උත්සාහක දිනුම බැගින් ද, කන්නංගර විදුහලට එකතු කිරීමට සමත් වූහ.
ආර්. නිශ්ශංක ප‍්‍රවර්ථන 6 ක්, ඞී. ලක්මාල් ප‍්‍රවර්ථන 4 ක්, එල්. සිල්වා සහ කේ. වෙනුරංග ගෝල ප‍්‍රවර්ථනය බැගින් ද සාර්ථක කරමින් අතිරේක ලකුණු එකතු කිරීමට සමත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.