Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කන්ද උඩරට සුලෝහිත ගැටුම විසඳුමක් නෑ

කන්ද උඩරට සුලෝහිත ගැටුම විසඳුමක් නෑ

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කිංග්ස්වුඩ් සහ ධර්මරාජ විදුහල් අතර 111 වැනි කන්ද උඩරට සුලෝහිත ගැටුම අද පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී විසඳුමකින් තොරව නිමාවිය.

ධර්මරාජ විදුහලේ පළමු ඉනිම අද දිවා ආහාරයෙන් පසුව ලකුණු 161 කට සීමා කළ කිංග්ස්වුඞ් විදුහල දිනය නිමාවනවිට සිය දෙවැනි ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 102ක් ලබා සිටියේය.

අද දිවා ආහාරය සඳහා තරගය නවත්වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මරාජ විදුහල් පිල කඩුලු 5ක් දැවී ලකුණු 131 ක් ලබා සිටියේය. අනතුරුව ඉතිරි කඩුලු 5 ම ලකුණු 30 ක් ඇතුළත බිඳ වැටුණේ කඩුලු 7 ක්ම දවා ගත් ගනිඳු කෞෂල්‍යය මෙවර කන්ද උඩරට සුලෝහිත ගැටුමේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් කරමිනි.


කිංග්ස්වුඞ් විදුහලේ දෙවැනි ඉනිම ඉහළට ඔසවා තැබූ යසෝද් කාවින්ද අගනා අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

 

කිංග්ස්වුඩ් විදුහල පළමු ඉනිම - 167
(විමුක්ති විජේසිරිවර්ධන නොදැවී 87, නිවන්ත හේරත් 4/27, නවින්ද ඩිල්ෂාන් 2/27, ගිහාන් විතාරණ 2/55)

ධර්මරාජ විදුහල පළමු ඉනිම - 161
(නිවන්ත හේරත් 40, දුලාජ් බණ්ඩාර 41, ගනිඳු කෞෂල්‍ය 7/62)

කිංග්ස්වුඩ් විදුහල දෙවැනි ඉනිම - 102/1  
(යසෝද් කාවින්ද 58, අමිල ජයවීර නොදැවී 25)

 

- 077


අදහස් (0)

කන්ද උඩරට සුලෝහිත ගැටුම විසඳුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.