ලබන වසරේදී ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 8 දෙනකුට සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට පමණක් අවස්ථාව හිමි වී ඇතැයි වාර්තා වේ. මෙම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව පවසන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩකයන් 12 ක් සහ ක්‍රීඩිකාවන් 8 ක් දක්වා එය වැඩි කර දෙන ලෙස ජාතික ඔලිමිපික් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇත.
ලබන 2018 වසරේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා උළෙල දෙකක් (පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල අප්‍රේල් 4 සිට 15 දක්වා සහ ආසියානු ක්‍රීඩා උළෙල අගෝස්තු 18 සිට සැප්තැම්බර් 2 දක්වා) පැවැත්වෙන බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 ක ගෙන් සමන්විත ජාතික පුහුණු සංචිතයක් පිහිටුවා අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යංශය වෙත යොමු කර ඇත.
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී ලබන වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් තේරීම් තරග ලබන 2018 පෙබරවාරි 2 දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ හෝ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විධි විධාන යොදා ඇත.
ලබන අගෝස්තුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ ප්‍රථම තේරීම් පරීක්ෂණය 2018 මැයි මාසයේදීද අවසන් තේරීම් පරීක්ෂණය ජුනි මාසයේදී ද පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.