Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය අගෝස්තු 1 සහ 2

කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය අගෝස්තු 1 සහ 2

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය අගෝස්තු 1, 2 දිනයන්හිදී දෙවැනි  වරටත්  කොළඹ රාජකීය විද්‍යාල ගොල්ෆ් පිටියේදී පැවැත්වීමට නියමිතය.

එච්.එස්.බී.සී බැංකුවේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව හා තායිලන්තය යන රටවල් සහභාගි වේ.

අගෝස්තු 01 වැනිදා කේවල තරග පැවැත්වෙන අතර පසු දින කණ්ඩායම් තරගද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ අතර පාසැල් දරු දැරියන් අතරට ගොල්ෆ් ක්‍රීඩාව ගෙනයාමේ අරමුණින් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය හා  එච්.එස්.බී.සී බැංකුව විසින් ආරම්භ කර ඇති ‘ෆියුචර් ලයන්ස්’ බිම් මට්ටම් වැඩසටහනද ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතය. වයස 8-13 අතර දරු දැරියන්ට විවෘතව පවතින මෙම වැඩසටහන මේ වසරේදී හම්බන්තොට, දියතලාව හා ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.


- 024

 


අදහස් (0)

කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය අගෝස්තු 1 සහ 2

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.