Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කටුගස්තොට රාහුල මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (27 වැනිදා) සමත්විය. මෙම තරගය ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කටුගස්තොට රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ ඩී. මදුශංක ශතකයක් (148) රැස්කරමින් පිත්තෙන් සහ ලකුණු 49 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වූයේය.
නුගවෙල ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 72.1 කදී සියලුදෙනා දැවී ලකුණු 217
(විකුම් නදීශාන 54, පී. පොල්කොට්ටුව 28, ඩී. මදුශංක 49/5)
රාහුල ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 75.1 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 294
(ඩී. මදුශංක 148, එස්. සමරසේකර 81, එම්. පරණවිතාන 34, එන්. ගුණවර්ධන 46/5)
නුගවෙල ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 61 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 206
(එස්. ද සිල්වා 73, විකුම් නදීශාන 39, ඩී. වික්‍රමසිංහ නොදැවී 32, එම්. පරණවිතාන 35/2, එන්. අරඹේගොඩ 43/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.