තමන් දේශපාලනයට එක් වන බවට විවිධ කටකතා පැතිර ගියද වර්තමානයේ මෙන්ම අනාගතයේදීත් දේශපාලනයට එක්නීමට අදහසක් නැතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.
කුමාර් සංගක්කාර ඉදිරියේදී දේශපාලනයට එක්වන බවට වෙබ් අඩවවි කීපයක තොරතුරු වාර්තා විය. මේ පිළිබඳ ප‍්‍රතිචාර දක්වමින් සංගක්කාර සඳහන් කරන්නේ එවැනි කටකතා වලට කිසිම පදනමක් නැති බවයි.
මිතුරන් මගින් දැනගත් තොරතුරු කරුණු පිළිබඳව සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින්
"අන්තිම තරගයෙන් පසු අපට සහය ලබාදුන් පණිවිඩ වලට ස්තුතියි. එය අපට හොද ජයග‍්‍රහණයක් වුණා. තිරී හොඳ ඉනිමක් ක‍්‍රීඩා කළා. මම දේශපාලනයට එනවා කියලා විවිධ කටකතා පැතිරෙනවා කියලා මගේ මිත‍්‍රයින් මට කිව්වා. මේ කතා වල කිසිදු පදනමක් නෑ. ඒ වගේම ඒවා විශ්වාස කළ නොහැකි කටකතා. මම අතීතයේදී සඳහන් කළ පරිදි , සත්‍ය වශයෙන්ම දැන් මෙන්ම අනාගතයේදීත් දේශපාලනයට එක්වීමට කැමැත්තක් නෑ. කරුණාකර මෙම කතා බැහැර කරන්න. ඉරිදා පැවැත්වෙන ලොකු තරගය සදහා සූදානම් වෙනවා. ඔබගේ අඛණ්ඩ සහයට ස්තුතියි.” යැයි සංගක්කාර ඊයේ මෙම අදහස් දැක්වීය.
ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය ලබන ඉරිදා ඔස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන අතර එම තරගයට සූදානම් වෙමින් සිටින බවද සංගක්කාර පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.