Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර කිංස්වුඞ් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර පැවැති 111 වැනි ‘කන්ද උඩ රට සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ලකුණු 44 ක ජයක් අත්කර ගැනීමට කිංස්වුඞ් විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 245 ක ඉලක්කයක් හඹාගිය ධර්මරාජ විදුහලට නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 200 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිතර වූ කිංස්වුඞ් විදුහලේ සෞම්‍ය පියසේන ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගනිමින් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වීය.
කාසියේ වාසිය දිනු ධර්මරාජ විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කිංස්වුඞ් විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 244 ක් ලබාගත් අතර එහිදී කිංස්වුඞ් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට යසෝද් කාවින්ද (76) සහ විමුක්ති විජේසිරිවර්ධන (69) සමත් වූහ.
කිංස්වුඞ් විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 244
(යසෝද් කාවින්ද 76, විමුක්ති විජේසිරිවර්ධන 69, නිවන්ත හේරත් 33/4)
ධර්මරාජ විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 200
(කාවින්ද තිලකරත්න 44, සචින්ත සේනානායක නොදැවී 39, දේෂාන් ගුණසිංහ 34, ගිහාන් විතාරණ 35, සෞම්‍ය පියසේන 37/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.