Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කි‍්‍රකට් නිලවරණය අවිනිශ්චිතයි

කි‍්‍රකට් නිලවරණය අවිනිශ්චිතයි

Dilrukshi - 2015 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ ජාතික කී‍්‍රඩාව වන වොලිබෝල් කී‍්‍රඩාව පාලනය කෙරෙන වොලිබෝල් සම්මේලනයේ නිලවරණයද ඇතුළත්ව ජාතික කී‍්‍රඩා සංගම් 18 ක නිලවරණ ජූලි මාස අවසන් සතියේදී පැවැත්වීමට කී‍්‍රඩා අමාත්‍යංශය තීරණය කර තිබේ. එහෙත් මේ වන විටත් අතුරු කමිටුවක් ලෙසින් කි‍්‍රයාත්මක වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙ දිනය මෙම ලයිස්තුවට ඇතුළත් වී නැත.

පැවැත්වීමට නියමිත නිලවරණ 3 ක් ජූලි මස 27 වැනිදාද, තවත් 5 ක් ජූලි මස 28 වැනිදාද, තවත් නිලවරණ 6 ක් ජූලි මස 29 වැනිදා සහ 4 ක් ජූලි මස 30 වැනිදාද පැවැත්වීමට නියමිතය.

මෙම සෑම නිලවරණයකම ඡන්ද හිමි නාම ලේඛන, නාමයෝජනා පත‍්‍ර, නියෝජිතයන් පත්කිරීමේ පත‍්‍ර නිකුත් කිරීම අද (4 වැනිදා) සිට නිල වශයෙන් ආරම්භ කෙරිණ.

ඡන්ද හිමි නාමලේඛන සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට ජූනි මස 12 වැනිදා පස්වරු 4.00 ට දක්වා අවස්ථාව තිබෙන අතර ඉදිරිපත් වන විරෝධතා සහ අභියාචනා ජූනි මස 17, 18 සහ 19 යන දින වලදී විභාග කෙරේ.

ඡන්ද හිමි නාමලේඛන අවසන් ලැයිස්තුව ප‍්‍රකාශ කිරීම ජූනි 18, 19 සහ 20 යන දින වලදී සිදුකෙරෙන අතර ඒ ඒ සම්මේලන ව්‍යවස්ථා වල සඳහන් තනතුරු සඳහා නාමයෝජනා භාරගැනීම, එම නාමයෝජනා විවෘත කිරීම සහ ඒ සඳහා විරෝධතා භාරගැනීම ජූනි මස 26 වැනිදා සිදුකිරීමට නියමිතය.

ඡන්දය ප‍්‍රකාශ කිරීමට බලය හිමි නිලධාරීන්ගේ නම් ඉදිරිපත්කිරීම ජූලි මස 6 වැනිදාට යෙදී ඇති අතර විරෝධතා විභාග කිරීම සහ අවසන් තීරණ ගැනීම ජූලි මස 3, 4 සහ 5 යන දින වලදී අවසන් කිරීමට තමන් සූදානම් වන බව කී‍්‍රඩා අමාත්‍යංශයේ, කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පළකරන ලද ප‍්‍රසිද්ධ දැන්වීමකින් කියැවේ.

ඒ ඒ දිනවලදී නිලවරණ පැවැත්වෙන ජාතික කී‍්‍රඩා සම්මේලන පහත පරිදි වේ.

ජාතික සම්මේලනය නාමලේඛන ප්‍රකාශ කිරීම නිලවරණය පැවැත්වීම
ශ්‍රී ලංකා වොලිබෝල්  සම්මේලනය ජුනි 18 දා ජුලි 27,පෙ.ව 9.00
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය ජුනි 18 දා ජුලි 27,පෙ.ව 11.30
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය ජුනි 18 දා ජුලි 27,ප.ව 3.00
ශ්‍රී ලංකා රයිෆල් සංගමය ජුනි 18 දා ජුලි 28,ප.ව 8.30
ශ්‍රී ලංකා හොකී සම්මේලනය ජුනි 18 දා ජුලි 28,පෙ.ව 10.30
ශ්‍රී ලංකා රග්බි පාපන්දු  සංගමය ජුනි 19 දා ජුලි 28,ප.ව 1.00
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය ජුනි 19 දා ජුලි 28,ප.ව 3.00
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය ජුනි 19 දා ජුලි 28,ප.ව 5.00
ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය ජුනි 19 දා ජුලි 29,පෙ.ව 8.30
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය ජුනි 19 දා ජුලි 29,පෙ.ව 10.00
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය ජුනි 19 දා ජුලි 29,පෙ.ව 11.30
ශ්‍රී ලංකා අත්පන්දු සංගමය ජුනි 20 දා ජුලි 29,ප.ව 1.30
ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය ජුනි 20 දා ජුලි 29,ප.ව 3.30
ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය ජුනි 20 දා ජුලි 29,ප.ව 05.30
ආබාධිතයින්ගේ ක්‍රීඩා පිළිබඳ ජාතික සම්මේලනය ජුනි 20 දා ජුලි 30,පෙ.ව 08.30
ශ්‍රී ලංකා මෝටර් සයිකල් සම්මේලනය ජුනි 20 දා ජුලි 30,පෙ.ව 08.30
ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සංගමය ජුනි 20 දා ජුලි 30,ප.ව 1.30
ශ්‍රී ලංකා පාරම්පරික කරාටේ සංගමය ජුනි 20 දා ජුලි 30,ප.ව 08.30

 

- 036

 

 


අදහස් (0)

කි‍්‍රකට් නිලවරණය අවිනිශ්චිතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.