Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කි‍්‍රකට් අතුරුපාලක කමිටුව නිසා අර්බුද

කි‍්‍රකට් අතුරුපාලක කමිටුව නිසා අර්බුද

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කි‍්‍රකට් පාලක මණ්ඩලයට ස්ථිර නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම තවදුරටත් කල් ගියහොත් ඉදිරි මාසයෙක් පසු සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි වන බවත් මේ වන විටත් කි‍්‍රකට් ආයතනයට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ලැබීමට තිබුණු රුපියල් ලක්ෂ 7000 ක් අහිමි වී ඇති බවත් ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නීතිවලට අනුව අතුරු පාලක කමිටුවක් පත්කළ කොහැකි බවත් එහෙත් වර්තමාන කී‍්‍රඩා  අමාත්‍යවරයා අතුරුපාලක කමිටුවක් පත් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

අතුරුපාලක කමිටුව තවදුරටත් පවත්වාගෙන ගියහොත් ජූලි 15 වැනිදායින් පසුව පැවැත්වෙන අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මහසභා රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.  

මේ නිසා කි‍්‍රකට් ආයතනය තවදුරටත් අර්බුදයට ලක් නොකර නිලවරණයක් පවත්වන ලෙසත් එසේ නොමැති වුවහොත් ඉදිරියේ ක‍්‍රිකට් ආයතනයට බරලතළ ගැටළු ගණනාවකට මුහුණදීමට සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය.  

ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ හිටපු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිලවරණ වලට ඉදිරිපත් වීමේදී , 2013 වසරේ සිට ඉදිරියට බල පැවැත්වෙන ආකාරයට සකස් කළ නීතිරීති අතීතයට බලපාන බව සඳහන් කරමින් ක‍්‍රිකට් පාලනය පිළිබඳ දැනුම තිබෙන පිරිස් පාලක මණ්ඩලයට ඇතුළුවීම  වැළැක්වීමට කටයුතු කරන බවයි.

එහෙත් 2013 වසරේදී නීති සකස් කළේ ඉදිරි සභාපති, ලේකම් තනතුරු වලට පත්වෙන අය වසර 04ක් සේවය කළ පසු නැවත ඉදිරිපත් වීමට නොහාකිවන ආකාරයට බවද තිලංග සුමතිපාල මහතා පැවසීය.

 


අදහස් (0)

කි‍්‍රකට් අතුරුපාලක කමිටුව නිසා අර්බුද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.