Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කි‍්‍රකට් පිටියේ අනතුරකින් ඉන්දීය කී‍්‍රඩකයකු මරුට

කි‍්‍රකට් පිටියේ අනතුරකින් ඉන්දීය කී‍්‍රඩකයකු මරුට

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ කොල්කටාහි නැගෙනහිර ප‍්‍රදේශයේ පැවැති අන්තර් සමාජ තරගයකදී උඩ පන්දුවක් රැකගැනීමට යෑමේදී වෙනත් ක‍්‍රීඩකයකු සමඟ ගැටීමෙන් තුවාල ලැබූ 20 හැවිරිදි ක‍්‍රීඩකයකු මියගොස් තිබේ. බෙංගාලි ප‍්‍රාන්ත කණ්ඩායමේ වයස 19 න් පහළ පිලේ හිටපු නායකයා ද වූ අන්කිට් කෙෂ්රි නැමැති මෙම ක‍්‍රීඩකයා තුවාල ලබා දින තුනකට පසුව කොල්කටා රෝහලේදී ඊයේ (20) මිය ගියේය.

මෙම තරගයේදී අන්කිට් කෙෂ්රි අතිරේක පන්දු රකින්නකු ලෙස පන්දු රකිමින් සිටියදී උඩ පන්දුවක් රැුකගැනීමට යෑමේදී එම උඩපන්දුවට පැමිණි වෙනත් ක‍්‍රීඩකයකු සමඟ ගැටීමෙන් තුවාල ලබා තිබේ.

අනතුරෙන් පසුව අන්කිට් කෙෂ්රි සිහිමඳ තත්ත්වයකට පත්වූ නමුත් ඔහුගේ මිතුරන් විසින් ඉතා ඉක්මනින් රෝහලට ගෙන යන ලදි. එහෙත් වෛද්‍යවරුන් කීවේ ඉරිදා රාති‍්‍රයේ ඔහුට හෘදයාබාධයක් ඇතිවූ බවයි. කෙෂ්රි දකුණතින් පිත්ත හසුරුවන අතර පා දඟ පන්දු යවන්නෙකි.

මීට මාස හතරකට පමණ පෙර අන්තර් සමාජ තරගයකදී බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් තුවාල ලැබීම නිසා ඕස්ටේ‍්‍රලියානු පිතිකරු පිල් හියුස් ජීවිතයෙන් සමුගත්තේය.  

048


අදහස් (0)

කි‍්‍රකට් පිටියේ අනතුරකින් ඉන්දීය කී‍්‍රඩකයකු මරුට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.