ජපානයේ ටෝකියෝ නුවර මේ දින වල පැවැත්වෙන සෙන්-නෝ 2014 ලෝක ශූරතා කණ්ඩායම් මේසපන්දු තරගාවලියට සහභාගීවී සිටින ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම, අද පැවති තරගයකදී කිරිගිස්තානය පරාජය කිරීමට සමත්විය.
අද දිනයේදී තරග වට 3-1 කිරිගිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ දිනයේ පැවති තරගයකදී ටෝගෝ කණ්ඩායම හමුවේ තරග වට 3-1 ක් ලෙස පරාජයට පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී අයිස්ලන්තයට සහ යේමනයට එරෙහිව තවත් තරග 2 කට සහභාගී වීමට නියමිතය.
රොහාන් සිරිසේන ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය දරන අතර උදය රණසිංහ සහ ඉන්දික ප‍්‍රසාද් යන කී‍්‍රඩකයන්ද ඊට ඇතුළත්ව සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.