Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කිංග්ස් XI පංජාබ් පිලට ලකුණු 72 ක ජයක්

කිංග්ස් XI පංජාබ් පිලට ලකුණු 72 ක ජයක්

ශනුක අරවින්ද - 2014 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි. පී. එල්.) කි‍්‍රකට් තරගාවලියේ සාජා ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව අද (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 72 ක ජයක් ලබාගැනීමට කිංග්ස් XI පංජාබ් පිල සමත්විය.

ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් පිලට 19.2 ක් අවසානයේ සියලූදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි.  

එහිදී හයිද්‍රාබාද් පිලේ විදෙස් කී‍්‍රඩකයන් සිව්දෙනාම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවවාගත් පංජාබ් පිලේ වේගපන්දු යවන කී‍්‍රඩක ලක්ෂ්මිපති බලාජි, මිචෙල් ජොන්සන් සහ අක්ෂර් පටේල් සමග එක්ව හයිද්‍රාබාද් ඉනිම සුනුවිසුණු කරදැමුවේය.

කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නායක ශිකාර් ධවාන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පංජාබ් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 193 ක් රැස්කළේය.

එහිදී වේගවත් පිතිහරඹයක නිරතවූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 43 කින් ලකුණු 95 ක් රැස්කළේ හයේ පහර 9 ක් සහ හතරේ පහර 5 ක්ද සමගිනි.

පංජාබ් පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට විරේන්ද්‍ර ශෙවාග් සහ චෙටේෂ්වර් පුජාරා සමත්වූහ. පහයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 22 කදී ලකුණු 30 ක් ලබාසිටි විරේන්ද්‍ර ශෙවාග් දවාගනිමින් එම සම්බන්ධතාව බිඳ දැමීමට අමිත් මිෂ්රා සමත්විය.

කිංග්ස් XI පංජාබ් පිල - ඕවර 20 කදී කඩුල්ලක් දැවී 193
(චෙටේෂ්වර් පුජාරා 35, විරේන්ද්‍ර ශෙවාග් 30, ග්ලේන් මැක්ස්වෙල් 95, බුවනේෂ්වර් කුමාර් 19/3, අමිත් මිෂ්රා 56/2)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී සියලූ දෙනා දැවී 121
(ඒරන් ෆින්ච් 19, ලොකේෂ් රාහුල් 27, ඩැරන් සැමී 15, ලක්ෂ්මිපති බලාජි 13/4, අක්ෂර් පටේල් 20/2, මිචෙල් ජොන්සන් 26/2)

 

-036

 


අදහස් (0)

කිංග්ස් XI පංජාබ් පිලට ලකුණු 72 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.