මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී අද (21) ආරම්භ වූ 108 වැනි ‘කදුරට මහ ගැටුම’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ධර්මරාජ විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 121 ක් රැස්කර සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් කිංග්ස්වුඞ් විදුහල් පිල සියලූ දෙනා දැවී ලකුණු 203 ක් රැස් කළේය.
හෙට (22) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
කිංග්ස්වුඞ් විදුහල පළමු ඉනිම ඕවර 63 කදී සියලූ දෙනා දැවී 203 (මිහිඳුම් වීරසිංහ 44, රුවන්ත හතුරුසිංහ 43, සුපුන් බණ්ඩාර 30, දිනෙත් ලංකා 52/5, වෙනුක ගලහිටියාව 63/2, සපුමල් තෙන්කෝන් 15/2)
ධර්මරාජ විදුහල පළමු ඉනිම ඕවර 31 කදී කඩුලූ 3 ට 121 (ජයපත්ම තෙන්නකෝන් 30, චන්දිමාල් ද සිල්වා නොදැවී 41, කාවින්ද රත්නායක නොදැවී 25)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.