සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩොමිනිකාහිදී අද (03)ආරම්භ වේ.
ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු ක‍්‍රිස් රෝජර්ස් පුහුණුවීම්වලදී ආබාධයකට ලක්වීම නිසා මෙම තරගයෙන් ඉවත්ව සිටින අතර එම ස්ථානයට ෂෝන් මාෂ් කැඳවා තිබේ.මයිකල් ක්ලාක්ගේ නායකත්වයෙන් යුත් ඕස්ටේ‍්‍රලියානු සංචිතයට සෙසු සියලූම ප‍්‍රබල ක‍්‍රීඩකයන් ඇතුළත්ව සිටිති.
කොදෙව් ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ශිවනරින් චන්ද්‍රපෝල් පළමු තරගය වෙනුවෙන් නම් කර ඇති සංචිතයෙන් ඉවත් කර තිබේ.දිනේෂ් රැම්ඩින් මෙහෙයවන කොදෙව් සංචිතයට නවක ක‍්‍රීඩකයන් කීප දෙනෙකු කැඳවා සිටින අතර මාලන් සැමුවෙල්ස් සහ ඩැරන් බ‍්‍රාවෝ යන ප‍්‍රබල පිතිකරුවෝ ඇතුළත්ව සිටිති.
ඕස්ටේ‍්‍රලියානු සංචිතය:
මයිකල් ක්ලාක් (නායක), ස්ටීව් ස්මිත් (උප නායක), ෆාවාද් අහ්මඞ්, බ‍්‍රැඞ් හැඩින්, ජෝෂ් හෂ්ලිවුඞ්, මිචෙල් ජොන්සන්, නේතන් ලියොන්, මිචෙල් මාෂ්, ෂෝන් මාෂ්, පීටර් නෙවිල්, පීටර් සිඞ්ලි, මිචෙල් ස්ටාක්, ඇඩම් වෝග්ස්, ඬේවිඞ් වෝනර් සහ ෂේන් වොට්සන්
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:
දිනේෂ් රැම්ඩින් (නායක), දේවින්ද්‍ර බිෂෝ, ජර්මේන් බ්ලැක්වුඞ්, ක‍්‍රිග් බ‍්‍රැත්වයිට්, ඩැරන් බ‍්‍රාවෝ, රජින්ද්‍ර චන්ද්‍රිකා, ෂේන් ඩොව්රික්, ෂැනෝන් ගේබි‍්‍රයල්, ජේසන් හෝල්ඩර්, ශායි හොපි, වෙරසමී පෙරමවුල්, කීමර් රෝච්, මාලන් සැමුවෙල්ස් සහ ජෙරමි ටේලර්
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.