Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 88 ක ජයක්

ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 88 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේදී පැවැත්වෙන තරග පහකින් සමන්චිත එක්දින තරගාවලියේ ඊයේ (29 වැනිදා) පැවති දෙවැනි තරගයෙන් ලකුණු 88 ක පහසු ජයක් ලබා ගැනීමට  ඕස්ටේ‍්‍රලියානුවෝ සමත් වූහ. මෙම තරගය මැන්චෙස්ටර් නුවර  ඕල්ට‍්‍රැෆර්ඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණි.

මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින්  ඕස්ටේ‍්‍රලියානු පිල තරග 5 කින් සමන්විත තරගාවලියේ 1x0 ක් ලෙස ඉදිරියට පැමිණියේය. පළමු තරගය වර්ෂාව නිසා පැවැත්වීමට නොහැකි විය.

පළමුවෙන් පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු පිල වෙනුවෙන් මයිකල් ක්ලාක් පන්දු 102 කදී  හතරේ පහර 14 ක් සමගින් ලකුණු 105 ක්ද ජෝජ් බේලී පන්දු 67 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 82 ක්ද ලබා ගනිමින්  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 315 ක් කරා කැඳවාගෙන ගියහ.

එංගලන්තය වෙනුවෙන් ජොස් බට්ලර් ලකුණු 75ක් සහ කෙවින් පීටසන් ලකුණු 60ක් ලබා ගත් නමුත් එංගලන්ත පිලට රැුස් කිරීමට හැකි වූයේ  ඕවර 44.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 227 ක් පමණි.

ඕස්ටේ‍්‍රලියාව  ඕවර 50 කදී කඩුලූ 7ක් දැවී ලකුණු 315
(මයිකල් ක්ලාක් 105, ජෝජ් බේලි 82, ඒරන් ෆින්ච් 45, ෂේන් වොට්සන් 38, ස්ටීවන් ෆින් 68/2, බොයිඞ් රැුන්කින් 49/2, රවී බොපාරා 57/2)

එංගලන්තය  ඕවර 44.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 227
(ජොස් බට්ලර් 75, කෙවින් පීටර්සන් 60, ඔයින් මෝ්ගන් 54, ක්ලින්ට් මැකේ 47/3, මිචෙල් ජොන්සන් 36/2)


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 88 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.