Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ට්‍රේලියාවේ සවි එසවීමේ ශ්‍රී ලාංකික ශූරයා දිවයිනට

ඕස්ට්‍රේලියාවේ සවි එසවීමේ ශ්‍රී ලාංකික ශූරයා දිවයිනට

editorial - 2024 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

ඕස්ට්‍රේලියාවේ සවි එසවීමේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ලෝක සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම් 02 ක් සහ එක් රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ආචාර්ය රුවන් පෝල් මහතා ඊයේ (13) දිවයිනට පැමිණියේය.

රුවන් පෝල් ඉතාලියේ රෝම නුවර පැවති  2023 ලෝක සවි එසවීමේ ශූරතා තරගාවලියේ දී  විවෘත හා ප්‍රවීණයන්ගේ කාණ්ඩ දෙකකින් රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ඔහු 2018 සිට අඛණ්ඩව වසර 06 ක කාලයක් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කරයි.

රුවන් කටුනායක සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ බිරිඳ එරට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නීතීඥවරියක ලෙස සේවය කරයි.


අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ සවි එසවීමේ ශ්‍රී ලාංකික ශූරයා දිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.