Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ට්‍රේලියාව ජයග්‍රහණයට ලඟා වෙයි
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

ඕස්ට්‍රේලියාව ජයග්‍රහණයට ලඟා වෙයි

editorial - 2022 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ නමවැනි දිනය (6 වැනිදා) නිමාවට පත්වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගනිමින් ජයග්‍රහණයට ලඟාවීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටියේය. 

නමවැනි දිනය අවසානයේ රන් පදක්කම් 59 ක් දිනාගනිමින් තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණ රැකගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටි අතර රිදී පදක්කම් 46 ක් සහ ලෝකඩ පදක්කම් 50 ක් සමග ඒ වන විට ඔවුන් ලබා සිටි මුළු පදක්කම් සංඛ්‍යාව 155 කි. 

රන් පදක්කම් 50 ක්, රිදී පදක්කම් 54 ක් සහ ලෝකඩ පදක්කම් 48 ක් දිනා සිටි එංගලන්තය නමවැනි දිනය අවසානයේ පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටියේය. ක්‍රීඩා උළෙල නිමාවීමට අද දිනයද සමගින් තවත් දින 2 ක් ඉතිරිව තිබේ. 

පදක්කම් තෙවැනි ස්ථානයේ රැදී සිටියේ රන් පදක්කම් 22 ක්, රිදී පදක්කම් 29 ක් සහ ලෝකඩ පදක්කම් 33 ක් දිනා සිටින කැනඩාවය. නවසීලන්තය රන් පදක්කම් 17 ක්, රීදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 15 ක් සමග සිවුවැනි ස්ථානයේ පසුවිය.  

බර ඉසිලීමේ පිරිමි ඉසව්වකින් ලෝකඩ පදක්කමක්, මීටර් 100 පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්, පැරා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් සහ මල්ලවපොර කාන්තා ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාව, නමවැනි දිනය අවසානයේ පදක්කම් සටහනේ 28 වැනි ස්ථානයේ පසුවිය. 

-036 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව ජයග්‍රහණයට ලඟා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.