Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ට්‍රේලියාව පෙරමුණ රැකගනී

ඕස්ට්‍රේලියාව පෙරමුණ රැකගනී

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට්හිදී පැවැත්වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය (7 වැනිදා) අවසානයේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට රන් පදක්කම් 18 ක්, රිදී පදක්කම් 17 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් දිනා සිටින සත්කාරක ඕස්ට්‍රේලියාව සමත් විය.
 
රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 12 ක්  සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා සිටින එංගලන්තයට එහි දෙවැනි ස්ථානය හිමි වූ අතර කැනඩාව රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනාගනිමින් තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

ඊයේ දිනයේදී දිනාගත් රිදී පදක්කමත් සමගින් සමස්ත පදක්කම් 3 ක් දිනා සිටින ශ්‍රී ලංකාවට තෙවැනි දිනය අවසානයේ හිමිව ඇත්තේ පදක්කම් සටහනේ 12 වැනි ස්ථානයි.

 


- 036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.