Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔෂිනි දේවින්ද්‍යාට රන් පදක්කමක්

ඔෂිනි දේවින්ද්‍යාට රන් පදක්කමක්

editorial - 2023 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත)

ඊජිප්තුවේ පැවති ලෝක කැඩෙට් චෙස් තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට  කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඔෂිනි දේවින්ද්‍යා අද (26) පස්වරුවේදී සමත් වූවාය. වයස 12න් පහළ බාලිකා අංශය නියෝජනය කළ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන එම වයස් කාණ්ඩයේ ශූරිය වූයේ එයට හිමි රන් පදක්කමද ලංකාවට දිනා දෙමිනි. 

ඔෂිනි මේ දස්කම දැක්වූවේ රටවල් 67 ක වයස 12 න් පහළ කීඩිකාවන් 74 ක් අතරින්ය.

2021 වසරේදී පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේදී ඔෂිනි වයස 10 න් පහළ බාලිකා තරග ඉසව්වේ ද රන් පදක්කම ලංකාවට දිනා දුන්නාය.

මේ ජයග්‍රහණවලට අමතරව  පසු ගිය වසරවල පැවති  ආසියානු හා බටහිර ආසියානු යොවුන්, ආසියානු සහ ලෝක පාසල් චෙස් තරගාවලිවලදි ලක් මව රනින්, රිදියෙන් හා ලෝකඩින් බැබළවීමට ඇය කටයුතු කළාය.


අදහස් (0)

ඔෂිනි දේවින්ද්‍යාට රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.