පිළිගත් ජාත්‍යන්තර ක්‍රීඩා තරග (තනි ඉසව්) ජයග්‍රහණ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 20 සිට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැරැසේ.
ඒ අනුව ඔලිම්පික් රන්, රිදී හෝ ලෝකඩ පදක්කම් දිනන ශ්‍රී ලාංකිකයන්ට රුපියල් මිලියන 20, 15 හා 10 බැගින් මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ. එහිදී විශේෂත්වය වන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ඉසව් අවසන් තරග අටවැනි ස්ථානය දක්වා පැමිණෙන ක්‍රීඩකයන්ට ද රුපියල් ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයන් ප්‍රදානය කිරීමය.
පැරාලිම්පික්, යොවුන් ඔලිම්පික්, ශීත සෘතු ක්‍රීඩා උළෙල පදක්කම් සඳහා රුපියල් ලක්ෂ 50 සිට 10 ක් දක්වාද, ලෝක ශූරතා තරග (ජ්‍යෙෂ්ඨ/කනිෂ්ඨ/ යොවුන්) පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 80 සිට 7.5 ක් දක්වාද, ඔලිම්පික් නොවන ක්‍රීඩා ඉසව්හි ලෝක ශූරතා පදක්කම් සඳහා රුපියල් ලක්ෂ 40 සිට 3 ක් දක්වාද ප්‍රදානය කෙරේ.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා (ජ්‍යෙෂ්ඨ - කනිෂ්ඨ - යොවුන්) ලක්ෂ 50 සිටද, ශීත ඍතු ක්‍රීඩා උළෙල පදක්කම් සඳහා ලක්ෂ 7.5 සිටද, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (ජ්‍යෙෂ්ඨ - කනිෂ්ඨ) සඳහා රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂය දක්වාද ප්‍රදානය කෙරේ.
කණ්ඩායම් ඉසව්හිදී අදාල තෑගි මුදල් ප්‍රමාණයම කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර සමසේ බෙදී යන අතර ඉහත ත්‍යාග මුදල්වලින් 25% ක ප්‍රමාණයක් පදක්කම් ලාභී ක්‍රීඩකයන්ගේ වත්මන් පුහුණුකරුවන් හා ඔවුන්ගේ මුල් පුහුණුකරුවන් අතර බෙදා දීමටද එහිදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේෂ මත සිදුකෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.