ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම් මාර්ග ධාවන තරගය මෙම ජුනි 23 දා අම්පාර නගරය ආශ්‍රිතව පැවැත්වීමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විධි විධාන යොදා ඇත. මෙම ඔලිම්පික් මාර්ග ධාවන තරගයට අම්පාර දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් 20 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 ක් පමණ සහභාගීවීමට නියමිතය.
මාර්ග ධාවනයට සමගාමීව එදින ඔලිම්පික් සංස්කෘතික වැඩ සටහනක් සහ ක්‍රීඩා පුහුණු වැඩමුළුවක් ද පැවැත්වීමට විධි විධාන යොදා ඇත. මෙම වැඩසටහන් දෙකට සහභාගීවන පිරිසට සහ ඔලිම්පික් මාර්ග ධාවන තරගයට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයාගේ අත්සනින් සහතික පත්‍රයක් පිරිනැමේ.
ඔලිම්පික් සැමරුම් මාර්ග ධාවන තරගයක් අම්පාරේ පවත්වනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.