කටුකුරුන්ද රෝමානු කතෝලික මහ විදුහල සහ මග්ගොන සාන්ත මරියා විදුහල යන මිශ‍්‍ර පාසල් දෙක අතර පැවැත්වෙන එල්ලේ මහ තරග දෙකක් මේ මස 10 වැනිදා උදේ 9.00 සිට කටුකුරුන්ද රේන්ජ්ර්ස් පිටියේදී පැවැත්වේ.
‘වෙරළ සටන’ ලෙස හැදින්වෙන මෙහිදී ඉහත පාසල් දෙක නියෝජනය කරන බාලක කණ්ඩායම් 2 ක් සහ බාලිකා කණ්ඩායම් 2 ක් අතර එල්ලේ මහ තරග 2 ක පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් බාලක, බාලිකා සහ සමස්ථ ලෙස ශූරතා 3 ක් පිරිනැමීමට නියමිතය.
දක්ෂතම ප‍්‍රහාරකයා, ප‍්‍රහාරක කී‍්‍රඩිකාව, දක්ෂතම පන්දු රකින්නා, පන්දු රකින්නිය, තරගයේ වීරයා සහ වීරවරිය ලෙස කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ පෞද්ගලික දස්කම් සැලකිල්ලට ගනිමින්ද ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි. ඊ. ඇන්ටන් මහතා කටුකුරුන්ද රෝමානු කතෝලික මහ විදුහලේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර එහි බාලක කණ්ඩායමේ නායකත්වය නිපුන් සංජනටද, බාලිකා කණ්ඩායමේ නායකත්වය නිශාදි දිල්ෂාරාටද හිමිවී තිබේ.
මග්ගොන සාන්ත මරියා විදුහලේ පුහුණුකරු ලෙස තිස්ස මීගහපොල මහතා කටයුතු කරන අතර ළහිරු හිරාන් බාලක කණ්ඩායමේ නායකයා ලෙසද, මනීෂා නිලක්ෂි නායිකාව ලෙසද කටයුතු කරති.
සමාරම්භක උත්සවය කළුතර දිස්ති‍්‍රක් එල්ලේ සංගමයේ සභාපති බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර ජගත් අංගගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර සමාප්ති උත්සවය කටුකුරුන්ද රෝමානු කතෝලික මහ විදුහලේ ආදි ශිෂ්‍යාවක වන ශ්‍රී ලංකා පොලිස් දැල්පන්දු කණ්ඩායමේ නායිකාව සහ ශ්‍රී ලංකා වෙරළ දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවකද වන සුමංගලා සුදර්ශනී මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
කටුකුරුන්ද රෝමානු කතෝලික මහ විදුහලේ විදුහල්පති පුබුදු සම්පත් සහ මග්ගොන සාන්ත මරියා විදුහලේ විදුහල්පති අජන්ත චානක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් දෙවිදුහල් වල කී‍්‍රඩා භාර ආචාර්යවරියන්, ආදි සිසුන් සහ දෙමාපියන්ගෙන් සමන්විත සංවිධායක කමිටුවක් විසින් මෙම තරග සංවිධානය කරනු ලබයි.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.