
ගීලෝන්ග්හිදී අද (16 වැනිදා) පැවැත්වෙන දෙවැනි ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම නෙදර්ලන්තය හමුවේ ලකුණු 111 ක් ලබාගත්හ.
ආරම්භක පිතිකරුවා වූ මෙහොමඩ් වසීම් (41) දැවී යාමට පෙර අරාබි කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 91 ක් ලබා සිටි නමුත් එතැන් සිට ලකුණු 20 ක් ඇතුළත කඩුලු 8 ක් බිඳ වැටිණ. මොහොමඩ් වසිම් දවාගත් ෆෙඩ් ක්ලාසන් (13/2) සහ බස් ඩි‘ලීඩි (19/3) දෙදෙනා එක්ව ආරාබි ඉනිම විනාශ කළහ.




- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.