Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්දින කි‍්‍රකට් ශූරතාව එස්. එස්. සී. පිලට

එක්දින කි‍්‍රකට් ශූරතාව එස්. එස්. සී. පිලට

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ‍‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය අද (28 වැනිදා) සමත්විය. කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී එන්. සී. සී. කී‍්‍රඩා සමාජයට එරෙහිව ලකුණු 54 ක ජයක් වාර්තා කරමින් ඔවුහු මෙම ශූරතාවට හිමිකම් කීහ.

ලකුණු 279 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය එන්. සී. සී. කණ්ඩායමේ සියලූ කී‍්‍රඩකයෝ ලකුණු 224 කට දැවී දැවීගියහ.

එහිදී ලහිරු උදාර (42) සහ ජෙහාන් මුබාරක් (55) එක්ව පන්දු 92 කදී ලකුණු 71 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙනයෑමේ උත්සහයක නිරතවුවද, මුලූ ලකුණු සංඛ්‍යාව 128 ක් වන විට ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් වීම හේතුවෙන් එම උත්සහය අසාර්ථක විය. ෆර්විස් මහරුෆ් සහ ලහිරු මධුසංක ලකුණු 29 බැගින් රැස්කරමින් වේගවත් පිතිහරඹයක නිරතවූවද තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා එයද ප‍්‍රමාණවත් නොවීය.

එන්. සී. සී. මුල් පෙළ පිතිකරුවන් අසරණ කළ එස්. එස්. සී. කණ්ඩායමේ චරිත් ජයම්පති ලකුණු 49 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනූ එන්. සී. සී. කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 278 ක් ලබාගත්තේය.

එහිදී එස්. එස්. සී. කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ චාමර කපුගෙදර පන්දු 57 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් වේගවත් ලකුණු 70 ක් රැස්කළේය.

ලකුණු 114 කට එස්. එස්. සී. කණ්ඩායමේ කඩුලූ 3 ක් දැවීගොස් තිබූ අවස්ථාවේ සිව්වැනි කඩුල්ල සඳහා තිළිණ කණ්ඩම්බි (34) සමග එක්ව පන්දු 60 කදී ලකුණු 57 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද කපුගෙදර සමත්විය.

එස්. එස්. සී. ආරම්භක පිතිකරුවන් වන විශ්ව විජේරත්න (49) සහ ධනුෂ්ක ගුණතිලක (44) දෙදෙනාම ඔවුන්ගේ අර්ධ ශතක පෙනි පෙනී අවාසනාවන්ත ලෙස දැවිගියහ.

ලකූණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමේ උත්සහයක නිරතවූ එස්. එස්. සී. කණ්ඩායම් නායක කෞෂාල් ලොකුආරච්චි හයේ පහර 2 ක්ද සමගින් ලකූණු 18 ක් ලබා සිටියදී පන්දු රකින්නාට බාධා වන අයුරින් හැසිරීම නිසා දැවී ගිය කී‍්‍රඩකයකු ලෙස විනිසුරුවන් විසින් නම් කරන ලදි.

අවසාන  ඕවර කිහිපයේදී වැරෙන් පන්දුවට පහර දුන් ධම්මික ප‍්‍රසාද් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් පන්දු 22 කදී ලකුණු 26 ක් රැස්කළේය.

ෆර්විස් මහරුෆ් සහ සොහාන් බොරලැස්ස කඩුලූ 3 බැගින් දවාගනිමින් එස්. එස්. සී. කණ්ඩායමට යම් පීඩනයක් එල්ල කිරීමට සමත් වූහ.

එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය -  ඕවර 50 කදී කඩුලූ 9 කට 278

(විශ්ව විජේරත්න 49, ධනුෂ්ක ගුණතිලක 44, චාමර කපුගෙදර 70, තිළිණ කණ්ඩම්බි 34, කෞෂාල් ලොකුආරච්චි 18, ධම්මික ප‍්‍රසාද් 26, ෆර්විස් මහරුෆ් 38/3, සොහාන් බොරලැස්ස 57/3)

එන්. සී. සී. කී‍්‍රඩා සමාජය -  ඕවර 45.1 කදී සියලූදෙනා දැවී 224

(ලහිරු උදාන 42, ජෙහාන් මුබාරක් 55, ෆර්විස් මහරුෆ් 29, කෝසල කුලසේකර 18, ලහිරු මධුසංක 29, චරිත් ජයම්පති 49/4, කෞෂාල් ලොකුආරච්චි 49/2, ධම්මික ප‍්‍රසාද් 29/2)


 


අදහස් (1)

එක්දින කි‍්‍රකට් ශූරතාව එස්. එස්. සී. පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.