ඕවර 12.1 - 73/0
හේරත් යැවූ 12 වැනි ඕවරයේ පළමු පන්දුවට ඉයන් බෙල්ගෙන් හයේ පහරක්..එංගලන්තයට කඩුලු 10 ක ජයක්
ඕවර 9 - 49/0
දැන් නම් ශ්‍රී ලංකා පිලට ගැලවීමක් නෑ වගේ..එංගලන්ත ජයග්‍රහණයට තවත් ලකුණු 19 ක් පමණයි....පන්දුව ප්‍රියන්ජන් අතේ
ඕවර 7 - 32/0
එංගලන්තය කිසිදු කලබලයකින් තොරව තමන්ගේ ගමන යනවා..වෘත්තීය මට්ටමේ තරග රටාවක්..කුක් කොහොමත් කලබලයක් තියෙන කෙනෙක් නෙමේ..
ඕවර 2 - 7/0
ඕවර දෙකක් අවසන්. එංගලන්තය කලබල නැති ආරම්භයක
ශ්‍රී ලංකා පිල ලකුණු 67 කට දැවී යයි
ශ්‍රී ලංකා පිල එක්දින තරගයකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකාවට එරෙහිව පාල් හිදී ලකුණු 43යි. දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව 55 යි. ඒ කොදෙව් පිලට එරෙහිව 1986 සාජාහිදී. තුන්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව තමයි 67..එංගලන්ත පිලට එරෙහිව මැන්චෙස්ටර්හිදී
ඕවර 22.1 - ප්‍රියන්ජන්, කුලේ, සේනානායක දැවී යති - 65/9
එදා එංගලන්තය ලකුණු 100 කට අඩුවෙන් දැවී ගියා. අද ශ්‍රී ලංකා පිල ඒ අවදානමේ..
ඕවර 19.3 - මැතිව්ස් දැවී යයි - 60/6
මැතිව්ස්ගේ පිත්තේ යාන්තමින් ගැටුණු පන්දුව උඩපන්දුවක් ලෙස ජොස් බට්ලර් අතට ඇදී යයි. තීන්දුව පිළිබඳ විශ්වාසයක් නොතිබූ මැතිව්ස් එය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය යොමු කළත් ප්‍රතිඵලයේ වෙනසක් නෑ..
ඕවර 15.4 - මහේල දැවී යයි - 58/5
පිට දඟ පන්දු යවන්නා ජේම්ස් ට්‍රෙඩ්වෙල්ගේ පළමු පන්දුවටම මහේල දැවී යයි..(පන්දු 33 කින් ලකුණු 12 යි) පසු පාදයෙන් පන්දුව පිළිගත් මහේල පා ආවරණයෙන් කඩුල්ල මුවා කළ බවට විනිසුරු තීරණය කරයි..විනිසුරු තීරණය විමසීමට මහේල අදහස් කළත් මැතිව්ස්ගේ අදහස වූයේත් මහේල දැවී ගිය බවම වූයෙන් මහේල නිහඩවම ක්‍රීඩා ගාරයට යයි..ඇත්තටම මැතිව්ස් හරි..
ඕවර 18.1 - චන්දිමාල් දැවී යයි - 45/4
පිට ඉන්නට ඈතින් පතිත වූ ජෝර්ඩ්න්ගේ පන්දුවට චන්දිමාල් ගැසූ ඩ්‍රයිව් පහරින් ඉයන් බෙල්ට උඩපන්දුවක්..ඉතාමත් වේගයෙන් ඇදී ගිය පන්දුව ඉතා පහතින් ඇදී යද්දී ඉයන් බෙල්ගේ විශිෂ්ට පන්දු රැකීමක්..දුර්වල පහරක් කියන්න බෑ..පිතිකරුවෙක් වශයෙන් මේ වගේ තරගයකදී ඒ පහර ගැසිය යුතුයි..ටෙස්ට් තරගයක් නෙමේනේ...ඒත් අති විශිෂ්ට උඩ පන්දු රැකීමක්...
ඕවර 15 - 44/3
මහේල සහ චන්දිමාල් දෙදෙනා අවදානම අඩුවෙන් ගනිමින් පන්දුවට පහර දෙන නමුත් දුර්වල පන්දු දුටු තැන පහර දෙනවා..ඇත්තම කියනවා නම් එංගලන්ත පන්දු යවන්නන් ඉතාමත් හොඳ පන්දු යැවීමක නිරත වෙනවා. පවතින තත්ත්වයන් ඉතාමත් හොඳින් ප්‍රයෝජනයට ගන්නවා...මේ තියෙන තත්ත්වයන් යටතේත් හොඳින් ක්‍රීඩා කිරීම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහි තියෙන අභියෝගය වෙන්නේ..
11.2 - සංගක්කාර දැවී යයි - 32/3
ජෝර්ඩ්න්ගේ කෙටි පන්දුවක් බැක්වර්ඩ් පොයින්ට් කලාපයට ඉහළින් හතරේ සීමාවට යැවූ සංගක්කාර ඊළඟ පන්දුවේදී කඩුලු රකින්නා අතට උඩපන්දුවක් දී දැවී යයි..මෙතෙක් දැවී ගිය කඩුලු තුනම කඩුලු රකින්නාට උඩපන්දු දෙමින් දැවී ගිය ඒවා..ස්ලිප් ක්‍රීඩකයන් තුන් දෙනකුත් කඩුල්ල පිටුපසින් ඉන්නවා....පන්දුවේ දෝලනයේ තරම හිතාගත හැකියි නේද??
ඕවර 10 - 28/2
ක්‍රිස් ජෝර්ඩ්න් පන්දු යැවීමට ඇවිදින්...ඔහුගේ පළමු ඕවරයේදී ලකුණු 3 ක් විතරයි...ඇත්තටම දැන් ලකුණු වේගය ඕවරයකට ලකුණු 2.8 යි...මේ වෙලාවේ කුසල් හිටියා නම් ලකුණු කීයක් විතර තියෙන්න තිබුණාද?
ඕවර 8 - 23/2
ඒ පාර හැරී ගානි නොයිඳුල් ඕවර යවන්න පටන් අරගෙන...ඒ ඕවරයේදී ආපු එකම ලකුණත් පාදයේ වැදී ගිය එකක්..
ඕවර 4.5 - තිරිමාන්නත් දැවී යයි - 13/2
ඇන්ඩසන්ගේ තවත් පන්දුවක් ජොස් බට්ලර් අතට පත්වීමට පෙර තිරිමාන්නගේ පිත්තේ දාරය සොයාගනී..පන්දු යවන්නාගේ තියුණු දෝලනය පාලනය කිරීමේ උත්සාහයක් ලෙසින් තිරිමාන්න සීමා ඉරෙන් ඉදිරියට ඇදී එන බව දුටු ඇන්ඩසන් පන්දුව මග අතහරී. ඒ් වන විටත් තමන්ගේ පහර කරා ගොස් සිටි තිරිමාන්න පහර සම්පූර්ණ කළත් එය පිත්තේ යාන්තමින් ගැටී කඩුලු රකින්නා අත පත්වෙයි.....මේ තමයි නියම ඇන්ඩසන්...ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට දරුණු හිසරදයක් වන ක්‍රීඩකයෙක්....
ඕවර 3 - ඩිල්ෂාන් දැවී යයි - 04/1
තුන්වැනි ඕවරයේ අවසන් පන්දුව සීමාවෙන් ඉවත ගිය එක එංගලන්තයට නම් අවාසිදායකම නෑ. ඒ වෙනුවෙන් යැවිය යුතු වූ අතිරේක පන්දුවේදී ඩිල්ෂාන් දවාගැනීමට ඇන්ඩසන් සමත් වෙනවා.....කඩුල්ල තුළට ඇදී ආ පන්දුව ඩිල්ෂාන්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදී ජොස් බට්ලර් වෙත ඇදී යන්නේ උඩපන්දුවක් ලෙසින්...
ඕවර 1 - 00/0
ජේම්ස් ඇන්ඩසන්...එංගලන්ත පිලේ සිටින විශිෂ්ටතම වේග පන්දු යවන්නාගේ පළමු ඕවරයේදී තිරිමාන්නට තියුණු අභියෝගයක්...පන්දු 6 න් එකකට වත් ලකුණක් ලබාගන්නවා තියා හිතන්න වත් බෑ..දෝලනය උපරිම තත්ත්වයෙන්...
පස්වරු 2.00
තරගය 2.20 ට ආරම්භ වීමට නියමිතයි. ඕවර සංඛ්‍යාවේ අඩුවක් නැතත් ඉනිම දෙක අතර විවේක කාලයේ කිසියම් අඩුවක් තියේවි.
පස්වරු 1.40
කාසියේ වාසිය උරගා බැලීම සඳහා නායකයන් දෙදෙනාම පිටියට ගියා..එංගලන්ත නායකයා ලෙසින් ඇලිස්ටෙයාර් කුක් ආයෙත් ඇවිත්..ඔහු කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පන්දු යැවීම තෝරා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද තරගයේදී රංගන හේරත් ක්‍රීඩා කරනවා. ඒ ධම්මික ප්‍රසාද්ගේ ස්ථානයේ. මේ සිදුවීමෙන් එක දෙයක් පැහැදිළියි...ඒ තමා තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ වුණත් අපේ දඟ පන්දු යවන්නන් කෙරේ නායකයාට වගේම පුහුණුකරුවාටත් තේරීම් කමිටු නිලධාරීන්ටත් කිසියම් විශ්වාසයක් තියෙන බව.....ඒක ඉතාම හොඳ තත්ත්වයක්..
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිත තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගය සඳහා වර්ෂාවෙන් බාධා පැමිණ තිබේ. ඊයේ රාති‍්‍රයේ පැවැති වර්ෂාව හේතුවෙන් කී‍්‍රඩාංගණය තරමක් දුරට තෙතබරිත වී තිබෙන අතර ඒ හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමද ප‍්‍රමාද කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.