සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි තරගයේ දෙවැනි දිනය වූ අද (28) පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 25 ක් රැස් කරමින් ලකුණු 544 ක් පසු පසින් සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල පළමු ඉනිම කඩුලූ 7 ක් දැවී ලකුණු 569 ක් ලබා සිටියදී අත්හිටුවීය.
දෙවැනි දිනයේ ක්‍රීඩාව නතර කරන විට මුරලි විජේ (නොදැවී 11) සහ චෙටෙෂ්වර් පුජාරා (නොදැවී 04) පන්දුවට පහර දෙමින් සිටියහ.
ඉන්දීය පළමු කඩුල්ල ලෙස ශීකර් දාවන් (06) ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
එංගලන්ත පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඉයන් බෙල්ගේ සිය 21 වැනි ටෙස්ට් ශතකය ලෙස පන්දු 256 කදී හතරේ පහර 19 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 167 ක් රැස් කළේය.
ගැරී බැලන්ස් පන්දු 288 කදී හතරේ පහර 24 ක් සමගින් ලකුණු 156 ක් ලබා සිටියදී දෙවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
ඇලෙස්ටියාර් කුක් පන්දු 231 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 95 ක් ලබා සිය 26 වැනි ටෙස්ට් ශතකය පෙනි පෙනී පළමු දිනයේදීම පිටියෙන් ඉවත් විය.
නායක ඇලෙස්ටියාර් කුක් සහ ගැරී බැලන්ස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 158 සම්බන්ධතාවක් පැවැත්වමින් ශක්තිමත් තත්ත්වයකට රැුගෙන ඒමට සමත් වූහ.
එංගලන්ත පළමු කඩුල්ල ලෙස සාම් රොබ්සන් ලකුණු 26 ක් ලබා සිටියදී මොහොමඞ් ශාමිගේ පන්දුවකට දැවී ගියේය.
එංගලන්ත නායක ඇලෙස්ටියාර් කුක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
එංගලන්ත පිල පළමු ඉනිම ඕවර 163.4 කදී කඩුලූ 7 ට 569
(ඇලෙස්ටියාර් කුක් 95, සාම් රොබ්සන් 26, ගැරී බැලන්ස් 156, ඉයන් බෙල් 167, මුයින් අලී 12, ජෝස් බට්ලර් 85, බුවනේෂ්වර් කුමාර් 101/3, රවීන්ද්‍ර ජඬේජා 153/2)
ඉන්දීය පිල පළමු ඉනිම ඕවර 14 කදී කඩුලූ 1 ට 25
(මුරලි විජේ නොදැවී 11)
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.