Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තය ප‍්‍රබල තත්ත්වයක

එංගලන්තය ප‍්‍රබල තත්ත්වයක

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සදම්ප්ටන්හි රෝස් බෝල් ක‍්‍රීඩාංගණයේදී අද (27) ආරම්භ වූ තෙවැනි තරගයේ පළමු දිනයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 247 ක් රැස් කිරීමට සමත්ව සිටියේය.

දිනය නිමා වන විට ගැරී බැලන්ස් (නොදැවී 104) සහ ඉයන් බෙල් (නොදැවී 16) පන්දුවට පහර දෙමින් සිටියහ. ගැරී බැලන්ස් පන්දු 204 කදී හතරේ පහර 15 ක් සමගින් සිය තෙවැනි ටෙස්ට් ශතකය ලෙස නොදැවී ලකුණු 104 ක් ලබා සිටියි.

ඇලෙස්ටියාර් කුක් පන්දු 231 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 95 ක් ලබා සිය 26 වැනි ටෙස්ට් ශතකය පෙනි පෙනී දැවී ගියේය.

නායක ඇලෙස්ටියාර් කුක් සහ ගැරී බැලන්ස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 158 සම්බන්ධතාවක් පැවැත්වමින් ශක්තිමත් තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

එංගලන්ත පළමු කඩුල්ල ලෙස සාම් රොබ්සන් ලකුණු 26 ක් ලබා සිටියදී මොහොමඞ් ශාමිගේ පන්දුවකට දැවී ගියේය. එංගලන්ත නායක ඇලෙස්ටියාර් කුක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.


එංගලන්ත පිල පළමු ඉනිම  ඕවර 90 කදී කඩුලූ 2 ට 247 (ඇලෙස්ටියාර් කුක් 95, සාම් රොබ්සන් 26, ගැරී බැලන්ස් නොදැවී 104, ඉයන් බෙල් නොදැවී 16)


- 048

 


අදහස් (0)

එංගලන්තය ප‍්‍රබල තත්ත්වයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.