Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත ‘ඒ’ පිල ලකුණු 278 ක් ඉදිරියෙන්

එංගලන්ත ‘ඒ’ පිල ලකුණු 278 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාක් වුඞ්ගේ (32/5) පන්දු යැවීමත් සෑම් රොබ්සන් (120) දෙවැනි ඉනිමේදී ලබාගත් ශතකයත් නිසා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (2 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම ශී‍්‍ර ලංකා නැගීඑන කණ්ඩායමට වඩා ලකුණු 278 ක් ඉදිියෙන් සිටියේය. අද සවස් වන විටත් එංගලන්ත ලයන්ස් කණ්ඩායම සතුව කඩුලූ 5 ක් ද ඉතිරිව තිබිණ.

තුන්දින පුහුණු තරගයේ මුල් දිනය වූ ඊයේ (1 වැනිදා) පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ‘ඒ’ කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 201 ක් ලබාගත් නමුත් ඊට පිළිතුරු වශයෙන් ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 176 ක් පමණි.

භානුක රාජපක්‍ෂ වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පළමු දිනයේදීම ලබාගත් ලකුණු 60 ට අමතරව අද පෙරවරුවේදී ඉෂාන් ජයරත්න ලකුණු 50 ක් ලබාගත්තේය. භානුකගේ ඉනිම මෙන්ම වේගවත් ඉනිමක් වූ ඉෂාන් ජයරත්නගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.

එංගලන්ත ලයන්ස් පිලේ දෙවැනි ඉනිමේදී ශී‍්‍ර ලංකා නැගී එන පිලේ නායක ඇන්ජලෝ පෙරේරා පන්දු යවන්නන් 8 දෙනකුගේ සේවය ලබාගත් නමුත් ආරම්භක පිතිකරු සෑම් රොබ්සන් කිසිදු අපහසුවකින් තොරව සිය ශතකය කරා ගියේය.

රොබ්සන්ගෙ සහායක ආරම්භක පිතිකරුවා වූ වරූන් චොප්රා ලකුණු නොලබා දැවී ගිය නමුත් එතැන් සිට කිසිදු අපහසුවකින් තොරව පිතිහරඹයට වන් රොබ්සන් එංගලන්ත ලයන්ස් පිලේ අංක 3 පිතිකරුවා වූ ජේම්ස් ටේලර් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක් එක් කිරීමටද සමත් විය.


එංගලන්ත ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම -  ඕවර 64.5 කදී සියලූ දෙනා දැවී 201
(සෑම් රොබ්සන් 15, වරුන් චෝප්රා 21, මොයින් අලී 53, ජොනී බෙයර්ස්ටෝ 32, ඔලී රයිනර් 32, මාර්ක් වුඞ් 16, තරිඳු කෞෂාල් 57/5, ඉෂාර ජයරත්න 21/2, චතුර රන්දුනු 44/2)

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම - ඕවර 43.1 කදී 176
(භානුක රාජපක්ෂ 60, රොෂේන් සිල්වා 15, ඉෂාන් ජයරත්න 50, චතුර රන්දුණු 19, කි‍්‍රස් වෝක්ස් 21/3, මාක් වුඞ් 32/5)

එංගලන්ත ‘ඒ’ කණ්ඩායම - දෙවැනි ඉනිම -  ඕවර 66 කදී කඩුලූ 5 ක් දැවී 253
(සෑම් රොබ්සන් 120, ජේම්ස් ටේලර් 61, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 43, ළහිරු ගමගේ 29/1, දුෂ්මන්ත චමීර 43/1, තරිඳු කෞෂාල් 43/2, භානුක රාජපක්‍ෂ 10/1)

 


අදහස් (0)

එංගලන්ත ‘ඒ’ පිල ලකුණු 278 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.