ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර අද (6 වැනිදා) එංගලන්තයේදී පැවැති සීමිත ඕවර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 51 ජයක් අත්කරගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 340 ක ඉලක්කයක් හඹාගිය ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමට ඕවර 49 ක් අවසානයේ සියලූදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 288 ක් පමණි.
එහිදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 143 කදී ලකුණු 133 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක (57) සහ කඩුලූ රකින කී‍්‍රඩක දිනේෂ් චන්දිමාල් (73) සමත්වුවද, කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.
ලකුණු 71 කට කඩුලූ 3 ක් දවාගත් රවී පටේල් සහ කඩුලූ 2 බැගින් දවාගත් හැරී ගර්නි, බොයිඞ් රැුන්කින් සහ රවී බොපාරා ශ්‍රී ලංකා ඒ ඉනිම සුනුවිසුණු කර දැමුවේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 339 ක් ලබාගත්තේය.
එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හොල්ස් පන්දු 105 කින් ශතකයක් (101) රැස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් විය.
රවි බෝපාරා (74), ජේසන් රෝයි (51), ජොනී බෙයාර්ස්ටෝව් (50) අර්ධ ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ඇලෙක්ස් හොල්ස්ට මනා සහයක් ලබාදුන්හ.
ලකුණු 59 කට කඩුලූ 3 ක් දවාගත් ලහිරු ගමගේ, ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්විය.
එංගලන්ත ලයන්ස් කණ්ඩායම - ඕවර 50 කදී කඩුලූ 5 ක් දැවී 339
(ඇලෙක්ස් හොල්ස් 101, ජේම්ස් ටේලර් 31, රවි බෝපාරා 74, ජේසන් රෝයි 51, ජොනී බෙයාර්ස්ටෝව් 50, ලහිරු ගමගේ 59/3)
ශ්‍රී ලංකා කණ්ඩායම - ඕවර 49 කදී සියලූ දෙනා දැවී 288
(ධනුෂ්ක ගුණතිලක 57, දිනේෂ් චන්දිමාල් 73, භානුක රාජපක්ෂ 33, අශාන් පි‍්‍රයන්ජන් 33, රමිත රඹුක්වැල්ල 22, ලහිරු ගමගේ 18, රවී පටේල 71/3, හැරී ගර්නි 38/2, බොයිඞ් රැුන්කින් 42/2, රවී බොපාරා 38/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.