Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත යොවුන් පිලට ජය

එංගලන්ත යොවුන් පිලට ජය

editorial - 2022 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ මුලකුරු කියවමින් සිටින නමුත් එංගලන්ත යොවුන් පිලට එරෙහිව ලකුණු 248 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. එහෙත් වර්ෂාවෙන් බාධා පැමිණි තරගයේදී ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව, කඩුලු 3 ක ජයක් ලබාගැනීමට එංගලන්ත යොවුන් පිලට හැකිවිය.

එංගලන්තයේ වූස්ටර් නුවරදී සඳුදා (5 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේ ජයත් සමගින් එංගලන්ත යොවුන් කණ්ඩායම 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටී.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 74 කට බිඳ වැටිණ. අනතුරුව ෂෙවොන් ඩැනියෙල් (54) සහ නායක රවීන් ද සිල්වා එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 50 ක් එක්කළේ සංචාරකයන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි.  ඕවර 30 ක් නිමාවේදී ශ්‍රී ලංකා යොවුන් පිල ලබා සිටියේ කඩුලු 5 ක් දැවී 146 කි. පසුව අංජල බණ්ඩාර (44) සහ මල්ෂ තරුපති (37) එක්ව තම කණ්ඩායම ලකුණු 200 කඩයිමෙන් ඔබ්බට තල්ලු කළහ.

ලකුණු 249 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත යොවුන් පිල කඩුලු 7 කට 174 ක් ලබා සිටියදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තරගය ජයගත්තේය.


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 48 කදී කඩුලු 9 ක් දැවී 248 යි
(හසිත අමරසිංහ 19, අභිෂේක් ලියනාරච්චි 33, ෂෙවොන් ඩැනියෙල් 54, රවීන් ද සිල්වා 19, අංජල බණ්ඩාර 44, මල්ෂ තරුපති 37, දුවිඳු රණතුංග 12, තෝමස් ඇස්පින්වෝල් 24/2, ෆතේෂ් සිං 49/3, ඩැනියෙල් ඊබ්‍රහිම් 61/2)

එංගලන්ත යොවුන් කණ්ඩායම - ඕවර 23.1 කදී කඩුලු 7 ක් දැවී 174 යි
(ජෝර්ජ් තෝමස් 28, බෙන් මැක්නි 31, ඇලෙක්ස් හෝර්ට්න් 49, ඩැනියෙල් ඊබ්‍රහිම් 32, ජමාල් රිචඩ්ස් නොදැවී 10, රවීන් ද සිල්වා 32/2)

- 213


අදහස් (0)

එංගලන්ත යොවුන් පිලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.