Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරවෙල ශාන්ත ජෝෂප් විදුහල සහ බණ්ඩාරවෙල මධ්‍ය මහ විදුහල අතර බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති 13 වැනි ‘ඌව රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (18 වැනිදා) ජය පැරදුමකින් තොරව අවසන් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 226 ක ඉලක්කයක් හඹා යමින් සිටි බණ්ඩාරවෙල මධ්‍ය මහ විදුහල අද දිනයේදී තරගය නිමා වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 114 ක් ලබා සිටියේය.
එහිදී ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ශාන්ත ජෝෂප් විදුහලේ අයේෂ ලක්මාල් සමත් විය. ඒ අනුව පළමු ඉනිමේදී දවාගත් කඩුලු 5 ත් සමගින් අයේෂ මෙවර ඌව රන් හටනේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 10 කි.
පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 4 ක වාසියත් සමග දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ, සියලු දෙනා දැවී ලකුණු 221 ක් රැස්කරමින් බණ්ඩාරවෙල මධ්‍ය මහ විදුහලට තරගය ජය ගැනීම සඳහා ලකුණු 226 ක ඉලක්කයක් ලබා දුන්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ දුමිඳු දමිෂ්ක (81) සහ කෞෂාන් සසංක (54) ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.
පළමු දිනය වූ ඊයේ (17 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටි බණ්ඩාරවෙල මධ්‍ය මහ විදුහල් ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 78 ක් එක්කර ගත්හ.
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 54.4 කදී සියලු දෙනා දැවී 229
(චන්දන රුවන් 60, මලිත මදීව 52, කෞෂාන් සසංක 31, ඉෂාර සඳරුවන් 26, ජනිත් හේෂාන් 63/5, උදිත බණ්ඩාර 88/3)
බණ්ඩාරවෙල මධ්‍ය මහ විදුහල පළමු ඉනිම - ඕවර 51.3 කදී සියලු දෙනා දැවී 225
(රුචිර අයෝද්‍ය 52, හේෂාන් රත්නායක 35, උදිත බණ්ඩාර 25, චරිත බස්නායක 20, අයේෂ ලක්මාල් 42/5, කෞෂාන් සසංක 60/4)
ශාන්ත ජෝෂප් විදුහල දෙවැනි ඉනිම - ඕවර 54 කදී සියලු දෙනා දැවී 221
(දුමිඳු දමිෂ්ක 81, කෞෂාන් සසංක 54, ජනිත් හේෂාන් 50/4, තිරංජය අත්තනායක 32/2)
බණ්ඩාරවෙල මධ්‍ය මහ විදුහල දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 7 ක් දැවී 114
(හසරැල් නයනජිත් 28, අයේෂ ලක්මාල් 44/5)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.