Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උතුරු මැද පළාත් තරග 28 දා සිට

උතුරු මැද පළාත් තරග 28 දා සිට

Nisanka Sandeepani - 2018 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය හා උතුරු මැද පළාත් බැඞ්මින්ටන් සංගමය  සංවිධානය කරන ජාතික මට්ටමේ බැඞ්මින්ටන් තරගාවලියක් ලබන 28 වැනිදා සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා අනුරාධපුරයේදී පැවැත්වේ. අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සහ මයිකල් කුක් බැඞ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ඉසව් 10 කින් සමන්විතව පැවැත්වේ. 

මෙම තරගාවලියට දිවයිනේ පළාත් නවයම නියෝජනය කරමින් බැඞ්මිටන්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 ක් පමණ සහභාගිවීමට නියමිතය. ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය වාර්ෂිකව පවත්වන ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය හැරුණු විට දිවයිනේ බැඞ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩිම පිරිසක් සහභාගිවන තරගාවලිය මෙය බව උතුරු මැද පළාත් බැඞ්මින්ටන් සංගමයේ උප සභාපති මහින්ද ලොකුබරණ මහතා කීවේය. 

මෙවර පස්වැනි වරට සංවිධානය කරන මෙම බැඞ්මින්ටන් තරගාවලිය, වයස 11න් පහළ බාලක/බාලිකා, වයස 13න් පහළ බාලක/බාලිකා, වයස 15න් පහළ බාලක/බාලිකා, වයස 17න් පහළ බාලක/බාලිකා සහ වයස 19න් පහළ පිරිමි/කාන්තා යන ඉසව් යටතේ තරග පැවැත්වේ.

ඊට අමතරව විවෘත කාන්තා/පිරිමි කේවල යුගල හා මිශ්‍ර වයස 35න් ඉහළ කාන්තා/පිරිමි කේවල, වයස 40න් ඉහළ කාන්තා/පිරිමි කේවල සහ යුගල යන තරග ඉසව්ද වයස 50න් ඉහළ සහ වයස 55න් ඉහළ ප්‍රවීණයන් සඳහා ඒකල හා යුගල වශයෙන් තරග ඉසව් සංවිධානය කර තිබෙන බව ලොකුබරණ මහතා වැඩිදුරටත් පැවැසීය.
මෙම තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා මුදලින් රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාග, සම්මාන හා සහතික ප්‍රදානය කිරීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා මේ වනවිට අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙන අතර අයැදුම්පත් මේ මස 17 වැනි දක්වා භාර ගැනේ. ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය වෙත අයැදුම්පත් යොමු කළ හැකි බවත් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිල වෙබ් අඩවියෙන් සහ උතුරු මැද පළාත් බැඞ්මින්ටන් සංගමයෙන් අයැදුම්පත් ලබාත හැකි බවද ලොකුබරණ මහතා පැවැසීය. 

 

 


අදහස් (0)

උතුරු මැද පළාත් තරග 28 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.