Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උතුරු පළාත ලකුණු 49 කින් ජයගනී

උතුරු පළාත ලකුණු 49 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (18 වැනිදා) පැවැති තරගයකදී වයඹ පළාත් කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 49 ක ජයක් අත්කර ගැනීමට උතුරු පළාත් කණ්ඩායම සමත් විය. මෙම තරගය කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 25 කට සීමා වූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය වයඹ පළාත් කණ්ඩායමට ඕවර 16.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 72 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ උතුරු පළාත් කණ්ඩායමේ එස්. මතුෂාන් ලකුණු 18 කට කඩුලු 6 ක් දවාගනිමින් වයඹ පළාත් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය.


උතුරු පළාත් කණ්ඩායම - ඕවර 25 කදී සියලු දෙනා දැවී 108
(එස්. මතුෂාන් 34, ෂෙහාන් සිල්වා 16/2, සිතුම් අකලංක 18/2)

වයඹ පළාත් කණ්ඩායම - ඕවර 16.3 කදී සියලු දෙනා දැවී 72
(නිපුන් ධනංජය 22, එස්. මතුෂාන් 18/6)

 


අදහස් (0)

උතුරු පළාත ලකුණු 49 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.