Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උතුරු දිස්ති‍්‍රක් පිලට ලකුණු 72 ක ජයක්

උතුරු දිස්ති‍්‍රක් පිලට ලකුණු 72 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ තෙවැනි තරගය වන පාකිස්තානයේ ලාහෝර් ලයන්ස් පිල සහ නවසීලන්තයේ උතුරු දිස්ති‍්‍රක් පිල අතර අද (14 වැනිදා) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් උතුරු දිස්ති‍්‍රක් කණ්ඩායම පළමු ඉනිමේ  ඕවර 20 අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 170 ක් ලබාගත්තේය.

උතුරු දිස්ති‍්‍රක් කණ්ඩායමේ ඩැනියෙල් ෆ්ලින් සහ බ‍්‍රැඞ්ලි වොට්ලිං ලකුණු 53 බැගින් රැස්කිරීමට සමත්විය.

ඊට පිළිතුරු වශයෙන් ලකුණු 171 ක ජයග‍්‍රාහී ඉලක්කයක් කරා හඹාගිය පාකිස්තානයේ ලාහෝර් ලයන්ස් පිල ඕවර 18ක් අවසානයේදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 98ක් පමණි. ඒ අනුව ලකුණු 72 කින් උතුරු දිස්ති‍්‍රක් කණ්ඩායම ජයග‍්‍රහණය කළේය.

උතුරු දිස්ති‍්‍රක් කණ්ඩායමේ ටෙ‍්‍රන්ට් බෝල්ට් ලකුණු 12ට කඩුලු 2ක්ද, ටිම් සවුති ලකුණු 22ට කඩුලු 3ක්ද, ඉෂ් සෝධි ලකුණු 30ට කඩුලු 2ක්ද, දවාගැනීමට සමත් වූහ. 

 

උතුරු දිස්ති‍්‍රක් කණ්ඩායම ඕවර 20 කදී කඩුලූ 6ක් දැවී ලකුණු 170
(කේන් විලියම්සන් 14, ඩැනියල් හැරිස් 20, ඩැනියෙල් ෆ්ලින් 53, බ‍්‍රැඞ්ලි වොට්ලිං 53, ස්කොට් ස්ටිරිස් 14, අසීස් චීමා 35/3)

ලාහෝර් ලයන්ස් කණ්ඩායම ඕවර 18 කදී සියලුදෙනා දැවී ලකුණු 98

(සාඩ් නසීම් 58, ටෙ‍්‍රන්ට් බෝල්ට් 12/2, ටිම් සවුති 22/3, ඉෂ් සෝධි 30/2)

 

 


අදහස් (0)

උතුරු දිස්ති‍්‍රක් පිලට ලකුණු 72 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.