Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉහළ තනතුරු දෙකකට තියුණු සටන්

ඉහළ තනතුරු දෙකකට තියුණු සටන්

Nisanka Sandeepani - 2017 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 26 වැනිදා ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නිලවරණයේදී සභාපති සහ ලේකම් යන තනතුරු දෙක හැරුණුකොට සෙසු තනතුරු සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්වීමට නියමිත බව වාර්තා වේ. සභාපති සහ ලේකම් යන තනතුරු දෙක සඳහා පමණක් නාම යෝජනා දෙක බැගින් ඉදිරිපත්වී ඇති බැවින් නිලවරණය පැවැත්වෙන දිනයේදී එම තනතුරු දෙක සඳහා පමණක් ඡන්දයක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ. 

මෙවර නිලවරණයේදී මේසපන්දු සංගමයේ සභාපති තනතුර සඳහා වත්මන් සභාපතිවරයා මෙන්ම හිටපු උප සභාපතිවරයකුද වන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සහ හිටපු සභාපතිවරයකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දයා සමරවීර මහතා තරග වැදීමට සූදානමින් සිටිති. ලේකම් තනතුර සඳහා තරග වැදීමට සංගමයේ වැඩබලන සභාපතිවරයකු ලෙස කටයුතු කළ නිරංජන් අබේසේන මහතා සහ හිටපු උප සභාපතිවරියක මෙන්ම සහකාර ලේකම්වරියකද වූ සදිසි නිරාෂා මෙනවිය ඉදිරිපත්ව සිටිති. 

ලලිත් ලියනගේ, රහල් අබේරත්න, සංජීව පල්ලෙගෙදර, චතුර ජයේන්ද්‍ර, පැතුම් වීරක්කොඩි, කසුන් උදාර, අශෝකමාලා තෙන්නකෝන් සහ මධුෂානි පෙරේරා යන මහත්ම මහත්මීන් සංගමයේ උප සභාපතිවරු අටදෙනා ලෙසත්, ප්‍රභාත් නිමේෂ් මහතා එහි සහකාර ලේකම්වරයා ලෙසත් නිතරගයෙන් පත්වීමට නියමිතව සිටිති. 

සංගමයේ භාණ්ඩාගාරිකවරයා සහ උප භාණ්ඩාගාරිකවරයා තෝරාගැනීම සඳහාද ඡන්දයක් නොපැවැත්වෙන අතර අතර තිළිණ අබේවර්ධන මහතා භාණ්ඩාගාරික ලෙසත්, රනිල් දිල්රුම් සිල්වා මහතා උප භාණ්ඩාගාරික ලෙසත් නිතරගයෙන් පත්වනු ඇතැයි වාර්තා වේ. මෙවර නිලවරණයේදී අනුබද්ධිත සංගම් 24 ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබ සිටිති. 


අදහස් (0)

ඉහළ තනතුරු දෙකකට තියුණු සටන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.