Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉසිපතනට මුල් ඉනිමේ දිනුමක්

ඉසිපතනට මුල් ඉනිමේ දිනුමක්

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර කොළඹ බී. ආර්. සී. ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයකදී පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

ඉසිපතන විදුහලේ සංජුල අබේවික්‍රම (88) සහ අයන සිරිවර්ධන (56) අර්ධ ශතක ලබාගත් අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ ළහිරු දිල්ෂාන් ලකුණු 91 කට කඩුලු 8 ක් දවාගත්තේය.

ලුම්බිණි විදුහලේ තනුක දාබරේ ලකුණු 55 ක් සහ ලකුණු 56 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


ඉසිපතන විදුහල පළමු ඉනිම - ඕවර 91.3 කදී සියලු දෙනා දැවී 281
(සංජුල අබේවික්‍රම 88, අයන සිරිවර්ධන 56, හර්ෂ රත්නායක 39, කළණ පෙරේරා 35, මනීෂ රූපසිංහ 20, තනුක දාබරේ 56/5, විමුක්ති කුලතුංග 88/3)

ලුම්බිණි විදුහල පළමු ඉනිම - ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 117
(විනු හේමාල් 20, ළහිරු දිල්ෂාන් 34/5, සංජුල බණ්ඩාර 14/3, අයන සිරිවර්ධන 9/2)

ලුම්බිණි විදුහල දෙවැනි ඉනිම - ඕවර 65 කදී කඩුලු 9 ක් දැවී 224
(තනුක දාබරේ 55, විනු හේමාල් 56, අමිත දාබරේ නොදැවී 27, රවිඳු සංජීව 20, ළහිරු දිල්ෂාන් 57/3, හේෂාන් ප්‍රනාන්දු 53/2, සංජුල බණ්ඩාර 37/2)


- 036

 


අදහස් (0)

ඉසිපතනට මුල් ඉනිමේ දිනුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.