Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කළුතර සිරිකුරුස විදුහලට එරෙහිව මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයේදී ප‍්‍රමෝද් මධුවන්තගේ තුන් ඉරියව් දස්කම් නිසා ඉනිමක සහ ලකුණු 142 ක ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.
එහිදී ඉසිපතන විදුහලේ ප‍්‍රමෝද් මධුවන්ත පන්දු 131 කදී ලකුණු 118 ක් රැුස්කරමින් සහ ඉනිම් දෙකේදීම ලකුණු 43 කට කඩුලූ 11 ක් දවාගනිමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියේය.
සංජුල අබේවික‍්‍රම (නොදැවී 105) සහ අයන සිරිවර්ධන (නොදැවී 100) ද ඉසිපතන විදුහල වෙනුවෙන් ශතක ලබාගැනීමට සමත් වූහ. පන්දු 126 කදී වාර්තා වූ සංජුලගේ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් ඇතුළත් වූ අතර පන්දු 73 කදී වාර්තා වූ අයනගේ ශතකයට හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.
ඉසිපතන විදුහල පළමු ඉනිම - ඕවර 72.1 කදී කඩුලූ 5 ක් දැවී 385
(ප‍්‍රමෝද් මධුවන්ත 118, සංජුල අබේවික‍්‍රම නොදැවී 105, අයන සිරිවර්ධන නොදැවී 100, මලින්ද ජයෝද් 97/3)
සිරිකුරුස විදුහල පළමු ඉනිම - ඕවර 51.5 කදී සියලූ දෙනා දැවී 170
(උමයංග සුවාරිස් 42, කලන හරේන්ද්‍ර 39, සමින්ද රවිනාත් 26, ප‍්‍රමෝද් මධුවන්ත 30/5, හෂේන් ප‍්‍රනාන්දු 14/3)
සිරිකුරුස විදුහල දෙවැනි ඉනිම - ඕවර 28.3 කදී සියලූ දෙනා දැවී 73
(සමින්ද රවිනාත් 20, පසිඳු පෙරේරා 20, ප‍්‍රමෝද් මධුවන්ත 13/6, ළහිරු දිල්ෂාන් 30/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.