Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ ගල්කිස්සේදී අද (08) පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 45-20 කින් ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරාජය කරමින් අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත් විය.
ඉසිපතන විදුහල මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසු වෙයි.
ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ තරගය ආරම්භයේ සිටම ආක‍්‍රමණකාරි ලෙස ක‍්‍රීඩා කරමින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-3 ක් ලෙස පෙරමුණට පැමිණීමට සමත් වූහ.
ජයග‍්‍රාහි ඉසිපතන විදුහල් පිල ගෝල ගෝල 5 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලැබීය. විද්‍යා විදුහලට ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.