Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත් විය.
තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ලකුණු 47 ක ජයක් අත්කර ගනිමින් තර්ස්ටන් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 239 ක ඉලක්කයක් හඹා ගිය ශාන්ත ජෝෂප් විදුහලට ඕවර 43 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 191 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අයේෂ් හර්ෂණ ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර ජනුෂ්ක ප්‍රනාන්දු සහ නිපුන් ලක්ෂාන් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ඉමේෂ් විහඟ (89) සහ පන්සිළු දේෂාන් (නොදැවී 62) සමත් වූහ.
තර්ස්ටන් විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 238
(ඉමේෂ් විහඟ 89, පන්සිළු දේෂාන් නොදැවී 62, නිපුන් ලක්ෂාන් 21, ජොහාන් ද සිල්වා 41/4)
ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 43 කදී සියලු දෙනා දැවී 191
(රෙවාන් කේලි 61, යසිත රූපසිංහ 24, අයේෂ් හර්ෂණ 35/4, ජනුෂ්ක ප්‍රනාන්දු 20/2, නිපුන් ලක්ෂාන් 54/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.