Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය ක්‍රීඩකයා පරදවමින් අනුත් දෙවැනි වටයට

ඉන්දීය ක්‍රීඩකයා පරදවමින් අනුත් දෙවැනි වටයට

ශනුක අරවින්ද - 2017 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන වයස 14 න් පහළ ආසියානු ටෙනිස් තරගාවලියේ පළමු අදියර යටතේ අද (31 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී ඉන්දීය ක්‍රීඩක ෂිනේ ටෝකස් පරාජය කිරීමට ශ්‍රී ලංකාවේ අනුත් විජේසිංහ සමත් විය.

එහිදී වට 2-0 ක් ලෙස ෂිනේ ටෝකස් පරාජය කරමින් අනුත් විජේසිංහ දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබාගත් අතර එම තරගයේ ලකුණු සංඛ්‍යාව 6/4 ක් සහ 6/2 ක් ලෙස සටහන් විය.

අනුත් විජේසිංහද සමගින් අද පැවැති මූලික වටයේ තරගවලදී ජය ලබා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 15 දෙනෙක් සහ ඉන්දීය ක්‍රීඩකයෙක් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ.

මූලික වටයේ තරග ප්‍රතිඵල
■    චාතූර්ය නිලවීර විසින් තරග වට 2-0 ක් ලෙස සෙනුක් ගුණවර්ධන පරාජය කරන ලදි. (6/0, 6/0)
■    අනුජය අබේවික්‍රම විසින් තරග වට 2-0 ක් ලෙස රාහුල් නානායක්කාර පරාජය කරන ලදි. (6/2, 6/0)
■    කවිෂ්ක ගාල්ලගේ විසින් තරග වට 2-0 ක් ලෙස ලෙවින් රත්නසිංහම් පරාජය කරන ලදි. (6/2, 6/0)
■    රාකේෂ් රත්නසිංහම් විසින් තරග වට 2-0 ක් ලෙස කවීෂ ආරච්චිගේ පරාජය කරන ලදි. (6/1, 6/2)
■    ක්‍රිෂැග් රඝුවන්ෂි (ඉන්දියාව) විසින් තරග වට 2-0 ක් ලෙස විචින්ත නිලවීර පරාජය කරන ලදි. (6/2, 6/0)
■    තිළින දිසානායක විසින් තරග වට 2-0 ක් ලෙස ටලාල් සබි්‍ර පරාජය කරන ලදි. (6/3, 6/1)
■    ෂෙනොවින් තුඩුහේන විසින් තරග වට 2-0 ක් ලෙස අරවින්ද දොලොස්වල පරාජය කරන ලදි. (6/1, 6/0)
■    සහන් විජේසූරිය විසින් තරග වට 2-0 ක් ලෙස හසල් අහංගම පරාජය කරන ලදි. (6/4, 6/4)
■    වෙනුක ආරච්චිගේ විසින් තරග වට 2-0 ක් ලෙස අවිශ්ක දුල්ෂාන් පරාජය කරන ලදි. (6/1, 6/0)
■    නිතිල ගුණතිලක විසින් තරග වට 2-1 ක් ලෙස ධුලින පෙරේරා පරාජය කරන ලදි. (6/3, 4/6, 6/2)
■    ජයිත්‍ර ද සේරම් විසින් තරග වට 2-0 ක් ලෙස නවිඳු හේරත් පරාජය කරන ලදි. (6/0, 6/1)
■    තෙහාන් විජේමාන්න විසින් තරග වට 2-0 ක් ලෙස රෙසාස් මහරුෆ් පරාජය කරන ලදි. (6/1, 6/2)
■    අනුත් විජේසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස ෂිනේ ටෝකස් (ඉන්දියාව) පරාජය කරන ලදි. (6/4, 6/2)
■    අකිර පෙරේරා විසින් තරග වට 2-0 ක් ලෙස රමිත් හේරත් පරාජය කරන ලදි. (7/6, 6/4)
■    සයිද් සිහාර් විසින් තරග වට 2-0 ක් ලෙස වෙනුක් ගුණරත්න පරාජය කරන ලදි. (6/2, 6/0)
■    නේලක දිසානායක විසින් තරග වට 2-0 ක් ලෙස අප්න පෙරේරා පරාජය කරන ලදි. (6/1, 1/6, 6/4)

 


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩකයා පරදවමින් අනුත් දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.